Image

පාසල් උපකරණ සහ ළමා පෝෂණ ද්‍රව්‍යවල බදු 2027 අයවැයෙන් ඉවත් කරන්න: නාමල් ජනපතිගෙන් ඉල්ලයි

පාසල් උපකරණ සහ ළමා පෝෂණ ද්‍රව්‍යවල බදු 2027 අයවැයෙන් ඉවත් කරන්න: නාමල් ජනපතිගෙන් ඉල්ලයි

2024 ජනාධිපතිවරණ සමයේදී ජනතාව හමුවේ ලබා දුන් පොරොන්දු ප්‍රකාරව, පාසල් දරුවන්ට අවශ්‍ය ලිපිද්‍රව්‍ය, උපකරණ සහ ළමා පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති VAT ඇතුළු සියලු බදු 2027 අයවැයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, පාසල් දරුවන්ගේ අධ්‍යාපන වියදම් සහ පවුල්වල ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක මෙවැනි බදු සහනයක් ලබාදීම මගින් අඩු හා මධ්‍යම ආදායම්ලාභී පවුල්වලට මහත් අස්වැසිල්ලක් හිමිවන බවයි.

ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙන්ම මැතිවරණ සමයේදී කළ ප්‍රකාශයන්ද සිහිපත් කරමින් මන්ත්‍රීවරයා පවසන්නේ, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා 0%ක VAT අනුපාතයක් හඳුන්වාදීමට එහිදී යෝජනා කර තිබූ බවයි.

ඒ අනුව පහත සඳහන් භාණ්ඩ හා උපකරණ මත දැනට පවතින VAT ඇතුළු අනෙකුත් බදු බර නැවත සමාලෝචනය කර, ඉදිරි 2027 අයවැය මගින් ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි:

  • පාසල් පොත් හා අභ්‍යාස පොත්
  • පාසල් ලිපිද්‍රව්‍ය සහ අධ්‍යාපනික උපකරණ
  • දේශීය කිරි සහ බිත්තර
  • ළදරු කිරි ඇතුළු ළමා පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය

රටේ දරුවන්ගේ අධ්‍යාපනය සහ පෝෂණය වෙනුවෙන් මැතිවරණ සමයේදී ජනතාව හමුවේ තැබූ මෙම ප්‍රතිපත්තිමය පොරොන්දුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට වහා පියවර ගන්නා ලෙසද නාමල් රාජපක්ෂ මහතා අදාළ ලිපිය මගින් අවධාරණය කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ

 

WhatsApp Image 2026 10 11 at 11.26.52 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න