Image

මන්නා පිහිවලින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කළ තිදෙනෙකුට මරණ දඬුවම!

මන්නා පිහිවලින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කළ තිදෙනෙකුට මරණ දඬුවම!

බහින්බස්වීමක් දුරදිග යාමෙන් මන්නා පිහිවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ තරුණ අඹුසැමි යුවළක් සහ තවත් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම වී ඇත්තේ නුවන් තිළිණ, නිමල් මදුරංග සහ පියුමි මදුෂිකා යන තිදෙනාටය.

සිද්ධිය වූ ආකාරය

2017 දෙසැම්බර් 11 වන දින වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේදී රුචිර ලක්මාල් පෙරේරා නැමැති 35 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර තිබුණි.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව, මරණකරුගේ ශරීරයේ බරපතළ කැපුම් තුවාල 21ක් තිබී ඇති අතර, හිසට සහ ගෙලට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බව අනාවරණය වී තිබුණි.

අධිකරණ තීන්දුව:

අධිකරණය හමුවේ ඉදිරිපත් වූ ඇසින් දුටු සාක්ෂි, සීසීටීවී (CCTV) දර්ශන සහ වෛද්‍ය වාර්තා නිරීක්ෂණය කළ මහාධිකරණ විනිසුරුවරයා, මෙම ඝාතනය පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය හා ප්‍රකෝප වීම මත සිදු කළ බවට විත්තිය ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කළේය. චූදිතයන් තිදෙනාම පොදු චේතනාවකින් යුතුව මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කර ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇතැයි විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කරමින් පෙන්වා දුන්නේය.

දන්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය අනුව කියවිය යුතු දෙසිය අනූහය (296) වගන්තියේ එන මිනිමැරීමේ චෝදනාව යටතේ පවරා තිබූ මෙම නඩුව, විභාගයෙන් අනතුරුව විත්තිකරුවන්ට විත්තියේ අයිතිවාසිකම් පහදා දුන් අතර එක සහ දෙක විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට විත්තිවාචක ඉදිරිපත් කළ නමුත් තෙවන විත්තිකාරිය නිහඬව සිටියාය.

පළමු චූදිත වෙනුවෙන් රජයෙන් පත් කළ නීතීඥ දිමුතු සඳ කැලුම් පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ හිමාලි සිල්වා පෙනී සිටියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න