Image

ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ඉවතට!

ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ඉවතට!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව සඳහන් කරමින් අපේක්ෂිත ඇප ඉල්ලා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කර තිබේ.

අද (10) එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) ස්ථානාධිපතිවරයාටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබිණි.

එහිදී අදාළ කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා නියෝග කළේ පෙත්සම ප්‍රතික්ෂේප කරන බවයි.

නීතිඥ ජයබාලන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, එහි පෙත්සම්කාරිය ලෙස ශිරන්ති රාජපක්ෂ නම් කර තිබූ අතර, වගඋත්තරකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කර තිබුණි.

විදේශගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී තමන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බැවින්, එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුවුවහොත් අධිකරණය විසින් නියම කරනු ලබන ඕනෑම කොන්දේසියකට යටත්ව තමන් ඇප මත මුදාහරින ලෙස ඇය සිය පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

කෙසේ වෙතත් ඉකුත් (7) වැනිදා ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අතර හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න