Image

අයිස් සමඟ අත්අඩංගුවට ගත් මහින්ද කහඳගම රිමාන්ඩ්!

අයිස් සමඟ අත්අඩංගුවට ගත් මහින්ද කහඳගම රිමාන්ඩ්!

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (12) නියෝග කර තිබෙනවා.

ඔහු සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුට රුපියල් 15,000ක දඩයක් ද අධිකරණයෙන් නියම කර තිබෙනවා.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් (05) වැනිදා රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී බවයි අධිකරණයේදී අනාවරණය වූයේ.

මොවුන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30යි මිලිග්‍රෑම් 128ක් සන්තකයේ තබාගෙන සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව, මොවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකළ යුතුව ඇති බැවින් දින 05ක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසට එම කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අද (12) එම රැදවුම් නියෝග අවසන් වී අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න