Image

ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම දුරකථනයෙන් ප්‍රබලයෙකුට පෙන්වලා: ගම්මන්පිලගෙන් චෝදනාවක්

ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම දුරකථනයෙන් ප්‍රබලයෙකුට පෙන්වලා: ගම්මන්පිලගෙන් චෝදනාවක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කර බලහත්කාරයෙන් ජම්පරය අන්දන ආකාරය එක නිලධාරියෙකු විසින් සිය ජංගම දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කරමින් වෙනත් ස්ථානයක සිටින බලවත් පුද්ගලයෙකුට නිරීක්ෂණය කිරීමට ඉඩ දී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල බරපතළ චෝදනාවක් එල්ල කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ඉල්ලීම පරිදි පසුගිය ඔක්තෝබර් 08 වැනිදා තමා උන්වහන්සේ බැහැදැකීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේ මේ බව උන්වහන්සේ පැවසූ බව ඔහු සඳහන් කරයි.

එහිදී උන්වහන්සේගේ සිවුරු ගලවා ජම්පරය ඇන්දවීම සිදුවුණේ කෙසේද යන්න ගැන තමාට පැහැදිලි කිරීමක් කළ බවත්, 2018 දී වගේම මේ අවස්ථාවේදීත් නිලධාරීන් ජම්පරය අන්දන්න උත්සාහ කරද්දී හාමුදුරුවෝ සුපුරුදු පරිදි විරෝධය පළ කළද, 2018 දී හාමුදුරුවන්ගේ විරෝධය හමුවේ නිලධාරීන් එම උත්සාහය අතහැරියත් මෙවර නිලධාරීන් එය අත්හැරීමට සූදානම් නොවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඒ වෙනුවට නිලධාරීන් විශාල පිරිසක් එකතු වී හාමුදුරුවන්ව බලහත්කාරයෙන් ජම්පරය ඇන්දවීමේ වෑයමක නිරත වී ඇති අතර, හාමුදුරුවන්ට ජම්පරය ඇන්දවීම සිදුවුණේ හාමුදුරුවන්ගේත්, නිලධාරීන්ගේත් බලවත් අකමැත්ත තිබියදී මාලිමාවේ ඉහළ නායකයන්ගේ බලපෑම මත බව තමා ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන බවද උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න