Image

කොම්පඤ්ඤවීදියේ ඩ්‍රෝන යානයක් ගුවන්ගත කළ චීන ජාතිකයාට දඩ!

කොම්පඤ්ඤවීදියේ ඩ්‍රෝන යානයක් ගුවන්ගත කළ චීන ජාතිකයාට දඩ!

කොළඹ කොම්පඤ්ඤවීදිය රෝහල් පටුමගේ ෆෙයාර් වේ හෝටලය අසල ඩ්‍රෝන යානයක් ගුවන්ගත කළ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චීන ජාතිකයාට රුපියල් 10000ක දඩ මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (12) නියම කළේය.

මෙලෙස දඩ මුදල් නියම කෙරුනේ සූ චුන්ග් ලා නැමැති චීන ජාතිකයෙකු ට වේ.

2010 අංක 24 දරන සිවිල් ගුවන් සේවා පනත 80 වගන්තිය මත සැකකරු සමග උල්ලංඝනය කරමින් නිසි අවසරයකින් තොරව මෙම ඩ්‍රෝන යානය ගුවන්ගත කල බවට චීන ජාතිකයා ඊයේ (11) අත්අඩංගුවට ගත් බව කොටුව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න