SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති යහ්ටුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) නිෂ්පාදනය කරන, බෙදාහරින හෝ අලෙවි කරන පුද්ගලයන් සහ ආයතන පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
යතුරුපැදි පදවන්නන්ගේ සහ පසුපස ගමන්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, SLS 517 ප්‍රමිතියට අදාළ SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 ඔක්තෝබර් 06 වන දින සිට දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
එම විශේෂ වැටලීම්වලදී SLS ලාංඡනය නොමැති හෙල්මට් 327ක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන ඇත. ඒ අනුව ජූලි සහ ඔක්තෝබර් විශේෂ මෙහෙයුම් දෙකෙහිදී සිදුකළ වැටලීම් 182කින් හෙල්මට් 758කට අධික ප්‍රමාණයක් භාරයට ගැනීමට හැකි වී තිබේ.
විශේෂයෙන්ම එකම හෝ සමාන වෙළෙඳ නාම සහිත හෙල්මට් දිස්ත්‍රික්ක කිහිපයකින් නැවත නැවතත් හමුවීම හේතුවෙන්, සිල්ලර වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පමණක් සීමා නොවී සැපයුම්කරු, බෙදාහරින්නා, ආනයනකරු සහ නිෂ්පාදකයා දක්වා මුළු සැපයුම් ජාලයම ආවරණය වන පරිදි විමර්ශන පුළුල් කිරීමට පියවර ගනිමින් පවතී.
තවද, නිසි බිල්පත් නොමැතිව හෝ නිෂ්පාදකයා සහ සැපයුම්කරු හඳුනාගත නොහැකි ආකාරයෙන් හෙල්මට් අලෙවි කරන අවස්ථාද අනාවරණය වී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් අදාළ නීති යටතේ දැඩි ලෙස පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.
මීට අමතරව ව්‍යාජ SLS ස්ටිකර් සහ ප්‍රමිතියෙන් තොර ළමා හෙල්මට් සම්බන්ධයෙන්ද අධිකාරිය විසින් විශේෂ විමර්ශන ආරම්භ කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
