අශෝක් අබේසිංහ සජබයේ සියලු තනතුරුවලින් ඉවත් වෙයි
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර එක්ව ගමන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිශ්චිත තීරණයක් ගෙන නොමැති බැවින්, තමා සමගි ජන බලවේගයේ මෙතෙක් දැරූ සියලු තනතුරුවලින් ඉවත් වූ බව කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.
පක්ෂ දෙකම එකට එකතු වී ඉදිරියට යා යුතු බව පාක්ෂිකයන් නිරන්තරයෙන්ම ඉල්ලා සිටියද, එය සිදු නොවීම හේතුවෙන් පාක්ෂිකයන් විමසන ප්‍රශ්න වලට දෙන්නට තමන්ට පිළිතුරු නැතැයිද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.
තමා දිර්ඝ කාලයක සිට පක්ෂ දෙක එක්ව ගමනක් යා යුතුය යන මතයේ සිටි බවත්, මෑතකදී ඒ පිළිබඳව රනිල් වික්‍රමසිංහගෙන් විමසූ බවත් හෙතෙම පැවසීය. එහිදී, දෙපාර්ශවය එක්ව ගමනක් යාමට රනිල් වික්‍රමසිංහගේ කිසිදු අකමැත්තක් නොමැති බව තහවුරු වූ බවද ඔහු සඳහන් කළේය.
දිර්ඝ කාලයක් දේශපාලනයේ නිරත වූවද, මෙම ප්‍රශ්නය දිගින් දිගටම එකම තැන පල්වීම හේතුවෙන්, පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් වීමට තීරණය කළ බව අශෝක් අබේසිංහ වැඩිදුරටත් කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
