Image

ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන්න - විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන්න - විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා බන්ධනාගරයේදී සහ ඉන් පිටතට රැගෙන යාමේදී පැළදිය යුතු වස්ත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස ගරු කථානායක මගින් එම කාරක සභාවේ සභාපති වෙත ලිපියක් යොමුකොට තිබේ.

අදාළ නිත්‍ය නියෝගයේ සංශෝධනය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට සහ එම නියෝග ක්‍රියාත්මක කරවා ගැනීමට අදාළ සියලු පාර්ශවයන් කමිටුවට කැඳවන ලෙස ලිපිය මගින් ඉල්ලා ඇත.

ජාතික වැදගත්කමකින් යුතු මෙවන් තත්ත්වයකදී ව්‍යවස්ථාදායකයේ සක්‍රීය දායකත්වය සහ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව මෙම ලිපිය මගින් වැඩිදුරටත් අවධානය කෙරේ.

මතු පළ වන්වනේ අදාළ ලිපියයි.

letter1013

letter21013

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න