Image

ශිරන්ති රාජපක්ෂට හෘද සැත්කමක්? - ඇප ඉල්ලීමට පැමිණිල්ලෙන් විරෝධය

ශිරන්ති රාජපක්ෂට හෘද සැත්කමක්? - ඇප ඉල්ලීමට පැමිණිල්ලෙන් විරෝධය

"සිරිලිය සවිය" සමාජ සත්කාරක ආයතනයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මේ වන විට කොළඹ ජාතික රෝහලේ විවෘත හෘද සැත්කමකට භාජනය වෙමින් සිටින බව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් පැවසීය.

එම තත්ත්වය සලකා බලමින් තම සේවාදායිකාවට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, මෙම ඇප ඉල්ලීමට විරෝධතාව පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, සැකකාරිය රෝහල් ගත කර ඇති වුවද හෘද සැත්කමක් සිදු කරන බවට පැමිණිලි පාර්ශවය දැනුවත් නොමැති බවයි. එමෙන්ම සැකකාරියගේ පූර්ව හැසිරීම් දෙස බැලීමේදී මෙම කරුණ ද පිළිගත නොහැකි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකාරියට සැබැවින්ම විවෘත හෘද සැත්කමක් සිදු කරන්නේ ද යන්න පිළිබඳ වෛද්‍ය වාර්තාවක් පස්වරු 2.00 ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් නඩු විභාගය එතෙක් කල් තබන ලදී.

පසුව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ අදාළ සැත්කම සිදු කිරීමට නියමිත බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න