Image

“සැමටම සමානව සලකන සංවේදී රාජ්‍ය නායකත්වයක් රටට අවශ්‍යයි” - සජිත් ප්‍රේමදාස

“සැමටම සමානව සලකන සංවේදී රාජ්‍ය නායකත්වයක් රටට අවශ්‍යයි” - සජිත් ප්‍රේමදාස

සෑම ආගමකටම, ධර්මයකටම, සංස්කෘතියකටම, ජාතියකටම, සෑම තරාතිරමකටම එක හා සමානව සලකන සංවේදී රාජ්‍ය නායකත්වයක් රටට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුව ආසනයේ සමගි වනිතා බලවේගයේ කාන්තා බල මණ්ඩල රැස්වීම අමතමිනි. 

මේ වන විට සිරගත භික්ෂූන් වහන්සේලා පිළිබඳව උද්ගතව ඇති ප්‍රශ්නය පිළිබඳව අදහස් පළකරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ අධිරාජ්‍යවාදී කාලයේ සිට පවතින නීතිරීතී වර්තමානයට ගැළපෙන ආකාරයට සංශෝධනය විය යුතු බවත් ආගමික නායකයන්ගේ ඇඳුමට නිග්‍රහයක් නොවන ආකාරයට නව නීති පද්ධතියක් සකස් විය යුතු බවයි.

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට මුල් තැන ලබා දී ඇති බවත් බුදුදහම පෝෂණය කරන්න සුරක්ෂිත කරන්න රටක් ලෙස කැපවෙන අතරතුර සෙසු ආගම්, ජනවර්ග හා සංස්කෘතීන්ට සම්බන්ධ සියලු දෙනාට තමන් විශ්වාස කරන ආගමක් ඇදැහීමේ අයිතිය ද ලබා දී ඇති බවත් ඒ ආගම් හා සංස්කෘතීන් සුරක්ෂිත කිරීම ද සියලු දෙනාගේම වගකීම බවද විපක්ෂ නායකවරයා පැවසීය.

 

ස්වාමීන් වහන්සේලාගේ සිවුර ඉවත් කිරීම ගිහියන්ට අයිති රාජකාරියක් නොවේ

ස්වාමීන් වහන්සේ නමකගේ සිවුර පැළදීම සේම ඉවත් කිරීම අදාළ නිකාය හෝ සංඝසභාවේ රාජකාරිය මිස ගිහියෝ කළ යුතු දෙයක් නොවන බවත් මේ ගරු කරන්නේ පුද්ගලායට නොව අදාළ ආගම දහමට සහ චීවරයට බවත් වර්තමානයේ මේ ආන්දෝලනාත්මක තත්ත්වය ඇති වූ පසු කමිටුවක් දමා සති 2කින් විසදන බව රජය පැවසූ බවත් මේ කරුණු කාරණා, සංවේදීභාවය, රටට බලපාන ආකාරය ආදී තත්ත්වයන් තුළ මේ ගැන පර්යේෂණ කරන්න සති 2ක් නොව අද හෙටම තීන්දුවක් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර පැළඳවීම මෙන්ම එය ඉවත් කිරීමේ සම්පූර්ණ අයිතිය සහ වගකීම ඇත්තේ අදාළ නිකායට හෝ සංඝ සභාවට පමණක් බවත්, එය කිසිසේත්ම ගිහියන්ට අයිති රාජකාරියක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එහිදී ගිහියන් විසින් ගෞරව කරනු ලබන්නේ යම් පුද්ගලයෙකුට වඩා අදාළ ආගම දහමට සහ පූජනීය චීවරයට බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, වර්තමානයේ ඇති වී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ කමිටුවක් පත් කර සති දෙකකින් විසඳුම් ලබා දෙන බවට රජය ප්‍රකාශ කළද, මෙම කරුණෙහි ඇති සංවේදීභාවය සහ රටට සිදුවන බලපෑම සලකා බලන කල, සති දෙකක් තිස්සේ පර්යේෂණ නොකර අද හෙටම ඊට අදාළ තීරණය ගත යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 

මම කවදාවත් අධිකරණ තීන්දු විවේචනය කරන්නේ නෑ

තමා කිසිදු අවස්ථාවක ගරු අධිකරණය ලබා දෙන තීන්දු තීරණ විවේචනය කිරීම හෝ ප්‍රශ්න කිරීම සිදු නොකරන බවත්, මෙහි ඇති ප්‍රධාන ගැටලුව වන්නේ නිර්මාණය වූ තත්ත්වය තුළින් බුදුදහමට සිදු කළ නිග්‍රහය සහ අපහාසය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එය දැඩි ලෙස විවේචනය කරන අතරම බරපතළ වරදක් බවත්, එම වරද සිදුවීමෙන් පසුව පවා රජය මෙලෙස කල්මැරීම ඊටත් වඩා බරපතළ වරදක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

 

රජයේ මේ හැසිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

එමෙන්ම රජයේ මෙම ක්‍රියාකලාපය නිසා විවිධ පාර්ශ්වයන් අතර බෙදීම් ඇති වී, රටේ එකමුතුභාවයට, ශක්තියට මෙන්ම ජාතික ආරක්ෂාවට ද බරපතළ තර්ජනයක් මතුව ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. මෙවැනි අසමගිකම් නිර්මාණය වීම වැළැක්වීම සඳහා බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් සෙසු ආගම්, සංස්කෘතීන් සහ ජන කොට්ඨාසයන් ද රැකගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පෙන්වා දී ඇති ප්‍රතිපාදන අකුරටම පිළිපැදිය යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අවස්ථාවට සමගි වනිතා බලවේගයේ සභාපතිනි පා.ම. රොහිණී කවිරත්න මහත්මිය, සමගි ජන බලවේගයේ මොරටුව ආසන සංවිධායක සේනක දමයන්ත මහතා ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න