Image

“අනෝජන්ට සමාව දීම ගැන සවුදි රජුට හා ශ්‍රේෂ්ඨාධිකරණයට ජාතියේ ප්‍රණාමය” - පූජ්‍ය බානගල උපතිස්ස හිමි

“අනෝජන්ට සමාව දීම ගැන සවුදි රජුට හා ශ්‍රේෂ්ඨාධිකරණයට ජාතියේ ප්‍රණාමය” - පූජ්‍ය බානගල උපතිස්ස හිමි

සවුදි මහරජතුමාට සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ලාංකේය ජාතියේ ප්‍රණාමය පුද කරන බව ජපානයේ ප්‍රධාන සංඝනායක හා ඉන්දියාවේ සාංචි විහාරාධිපති පූජ්‍ය බානගල  උපතිස්ස හිමියෝ පවසති.

දුරදිග නොබලා අපරික්ෂාකාරී ලෙස කළ ප්‍රකාශයක් හේතුවෙන් ඉස්ලාමීය දහමට එහි ශාස්තෘන් වහන්සේලාට සිදු වූ අපහාසය මත සවුදි අරාබි රාජධානියේ අධිකරණය විසින් එරට රැකියාව කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසන්ට නියම කර තිබිණි.

එම මරණීය දඩුවම සවුදි අරාබි රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කර ඔහුට සමාව ප්‍රදානය කිරීම පිළිබඳ, සෞදි අරාබි රාජධානියේ මහරජතුමන් වන සල්මාන් බින් අබ්දුලාසිස් අල් රජතුමා වෙත, එරටට වැඩම කළ ප්‍රථම බෞද්ධ භික්ෂුව ලෙසත්, අනෝජන්ට සමාව අභියාචනා කර සිටි අයෙකු ලෙසත් ශ්‍රී ලාංකේය ජාතිය සමඟ එක්ව අපගේ හෘදයාංගම උපහාරය හා ගෞරවනීය කෘතඥතාවය පුද කරන බව උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න