නුවර සිට කොළඹ දක්වා පාගමනින් පැමිණ ජනාධිපති කාර්යාලය අසල සාමකාමී විරෝධතාවයක නියැලෙන භික්ෂූන් වහන්සේලාට එරෙහිව රජය ක්රියාකරන ප්රජාතන්ත්ර විරෝධී පිළිවෙත වහාම නතර කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදාස රජයට සහ ජනාධිපතිවරයාට බලකර සිටියි.
විපක්ෂ නායකවරයා විසින් විශේෂ මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, විරෝධතාවයේ නියැලී සිටි භික්ෂූන් වහන්සේලා රැගෙන ආ බුද්ධ ප්රතිමා වහන්සේ නමකට ආවරණය සැපයීමට සකස් කළ තාවකාලික අට්ටාලය කඩා දමා, එම ස්ථානයේ සිටි භික්ෂුන් වහන්සේටද පීඩාකාරි වන සේ කටයුතු කර පිරිසක් අත්අඩංගුවට ගත් බවට තොරතුරු ලැබී ඇති බවයි.
මෙලෙස ගරුතර මහා සංඝරත්නයේ ඉල්ලීම් වලට ජනාධිපතිවරයා කඩිනමින්, පුද්ගලිකව මැදිහත් වී විසදුම් ලබා නොදී, ප්රජාතන්ත්ර විරෝධී ලෙස කටයුතු කිරීම තරයේ හෙළා දකින බව විපක්ෂ නායකවරයා එම නිවේදනය මගින් සඳහන් කර ඇත.
එම නිසා භික්ෂුන් වහන්සේලාට හිංසා පීඩා සිදුකරමින් කරන මේ ක්රියාව වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයාට සහ රජයට බල කර සිටින බව අදාළ නිවේදනය මගින් අවධාරණය කර ඇත.
මතු පළ වන්නේ එම නිවේදනයේ ලිඛිත පිටපතයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
