Image

ක්‍රිෂ් ගනුදෙනුව : නාමල් සහ ජානකී යළි රිමාන්ඩ්!

ක්‍රිෂ් ගනුදෙනුව : නාමල් සහ ජානකී යළි රිමාන්ඩ්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 23  දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(16) නියෝග කළේය.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී තුන්වන සැකකාරියගේ ඇප ඉල්ලීමේ නියෝගය කියවා දුන් අතර, සුවිශේෂි කරුණු ඉදිරිපත් නොවීම නිසා ඇප ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන් අතර, සිව්වැනි සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයද එළඹෙන 23 වැනිදා ලබා දෙන බව ප්‍රකාශ කළේය.

මෙම නඩු වාරයේදී සිව්වැනි සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණයේ පෙනී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න