ඊයේ (02) සවස කොළඹ විශ්වවිද්‍යාලයේ නවකලගාරයේ දී ආචාර්ය කුමාරි ජයවර්ධන ට උපහාර පිණිස ආදිවිදයාර්ථ සංගමය විසින් පවත්වනු ලැබූ උත්සවය අවස්ථාවේ එහි උපකුලපතිවරයා කළ කතාවේ දී කුමාරි ජයවර්ධන 'ජීවමාන පුරාවෘත්තයක්' ලෙස නම් කළ අතර මහාචාර්ය ජයදේව උයන්ගොඩ එවැනිම සාරගර්භ දේශනයක් පවත්වමින් එම 'ජීවමාන පුරාවෘත්තය' අනුමත කරමින් එය තවදුරටත් ජීවමාන කළේ ය.
එපමණක් නොව ජයදේව උයන්ගොඩ කුමාරිගේ 'පරිතයාගශීලිත්වය 'ඉතාමත් දැඩි ලෙස අවධානයට යොමු කළේ ය. මේ පොත් පිංච උයන්ගොඩ ගේ දේශනය භාෂා තුනෙන්ම පළ කර ඇත. මෙය පරිශීලනය කිරීමෙන් ජීවමාන පුරාවෘත්තයක් ලෙස ඇයගේ ජීවිතය ගොඩ නගා ගත් ආකාරය සහ පරිත්‍යාගශීලීත්වයේ යහගුණය හැම කෙනෙකු ගේ ම ජිවිතයට ලබා දිය හැකි පාඩම මිල කළ නොහැකි ය.
අදටත් දිලිසෙන 'මැණික් ගල්'
මේ සටහනින් මා උත්සාහ කරන්නේ 1980 ගණන්වල මගේ මතකය සිහි ගන්වමින් ලංකාවේ අඳුරු දශකයේ 'ජනතාවාදී බුද්ධිමතෙකු' ලෙස ඇය කළ අවදි කිරීම ගෙන හැර පෑමට යි. නමුත් මේ කෙටි සටහනෙන් මට එය කළ නොහැකි ය. ඒ කෙසේ වුව ද 1983 දී ඇති වූ ප්‍රචණ්ඩකාරී ජනවාර්ගික කලකෝලාහලවලින් අප සැම ගේ හෘදසාක්ෂිය අවධි කළා පමණක් නොව ජනවාර්ගික අසමානත්වය තුරන් කිරීම සඳහා ගත හැකි සියලු විසඳුම් කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු විය. කුමාරි මේ කාල පරිච්ඡේදය තුළ උතුරු නැගෙනහිර සහ මාධ්‍ය කඳුකරයේ ද්‍රවිඩ ජනතාවට සිදුවන අසාධාරණ ගැන දැඩි ලෙස කරුණු ඉදිරි පත් කළා ය. ඇය එකල 'Lanka Guardian' සඟරාවට ලියු ලිපි ද්‍රවිඩ මධ්‍යම පාන්තිකයන් ගේ දෙඇස් විවෘත කිරීමට හේතුවිය. මේ හැර කුමාරි විසින් ස්ත්‍රීවාදය, ලංකාවේ කම්කරු පන්තිය ගැන කරන ලද නිබන්ධන සැබෑ 'මැණික් ගල්' ලෙස අදටත් දිලිසෙමින් පවතී. එවකට 80 ගණන්වල දෘෂ්ටිමය සහ දේශපාලනිකව අපේ දේශපාලන ක්‍රියාකාරිත්වය සවිමත් කිරීමට සහ අදෘශ්‍යමාන යදමක් මෙන් අපව බැඳ තබා ගැනීමට ඇය විසින් කරන ලද මේ ශාස්ත්‍රීය නිබන්ධන බලගතු මෙහෙයක් ඉටු කරනු ලැබිණ.
පරිත්‍යාගශීලිත්වය
එකල අපට ලොකු හදිස්සියක් තිබුණි. කාලය මෙන්ම අපේ සහෝදරවරු සහ සහෝදරියන් අපෙන් ගිලිහී සදහට ම අපෙන් සමු ගන්නා කාලයකයට අපි අවතීරණය වෙමින් සිටියෙමු. අපට නිතරම පැවති සමහර රහසිගත රැස්වීම්වලට තැන් සොයා ගැනීම ද දුෂ්කර විය. අපි විකල්ප කණ්ඩායම ගොඩ නගමින් සිටි කාලයේ නිතරම ස්ථාන දෙකකට කොටු වුණෙමු. එක් ස්ථානයක් වුයේ කොල්ලුපිටියේ ශන්මුගදාසන් ගේ නිවසයි. අනික් ස්ථානය වුයේ කුමාරි ගේ ග්‍රෙගරි පාරේ නිවසයි. ඇය අප කුමක් කතා කරන්නේ දැයි දන නොසිටි අතර ශන්ට මේ ගැන අවබෝධයක් තිබුණි. මගේ බිරිඳ රාජනී කොටි විසින් ඝාතනය කිරීමෙන් පසුව මට එම පණිවිඩය දීමට එවකට බිම්ගත දේශපාලනයේ යෙදී සිටි මාව කැඳවා ගියේ කුමාරිගේ නිවසට ය. ඒ නිවස මට එතරම් ම ළඟ එකක් විය. 1989 මා මගේ දුවරුන් සමග ලන්ඩන් හි පදංචියට ගිය පසු කුමාරි එහි පැමිණි සෑම අවස්ථාවක ම මගේ මුල්‍ය දිළිඳුභාවය අඩු කිරීම පිණිස මට පරිත්‍යාග කිරීමට කිසි දා අමතක නොකළා ය. කුමාරි ගේ පරිත්‍යාගශීලිත්වය එබඳු ය. ඇයගේ සහකම්පනය ගැන මහාචාර්ය උයන්ගොඩ ද සභාවට කියා සිටියේය.
කුමාරි බඳු ජනතාකාමී බුද්ධිමතුන් නොමැතිව මේ සමාජය උඩුකුරු යටිකුරු කිරීමේ කර්තව්‍ය ඉටු කළ නොහැකි ය. එවැනි ස්ත්‍රීන් බිහිවන තෙක් ලංකාව බලා සිටිනු ඇත.

Dayapala Thiranagama
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
