විදෙස් වාර්තා අනාවරණ කළේ, ඒ සඳහා පුද්ගලයින් රැසක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව ඇති බවයි.
ඉදිරි සති කිහිපයේදී තවත් 300 දෙනෙකුට පමණ නව එන්නත අත්හදා බැලීමට නියමිත ය.
අදාළ එන්නත නිපදවා ඇත්තේ ලන්ඩනයේ ඉම්පීරියල් පර්යේෂණ විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් කණ්ඩායමකගේ මෙහෙයවීමෙන් ය.
ඔවුන් පැවසුවේ සතුන් සඳහා කළ අත්හදා බැලීම්වලදී ඉන් සාර්ථක ප්‍රතිඵල හිමිවූ බවයි.
ලොව පුරා අදාළ එන්නත අත්හදා බැලීමේ පරීක්ෂණ වැඩසටහන් 120 ක් ක්‍රියාත්මක කර තිබේ.
විදෙස් වාර්තා අනාවරණ කළේ, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය ද මේ ආකාරයේ නව එන්නතක් අත්හදා බැලීමට සූදානම් වන බවයි.
මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 95 ලක්ෂය ඉක්මවා තිබේ.
ඒ අනුව මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 95 ලක්ෂ 20,043 කි.
ලොව පුරා මියගිය සංඛ්‍යාව 4 ලක්ෂ 83,957 දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලැබූ සංඛ්‍යාව 51 ලක්ෂ 64,354 කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
