දුෂණ චෝදනා මත පේරු ජනාධිපතිට දෝෂාභියෝගයක්

දුෂණ චෝදනා මත පේරු ජනාධිපතිට දෝෂාභියෝගයක්

පේරු ජනපති, පේඩ්‍රෝ පැබ්ලෝ කුසෙන්ස්කිට එරෙහිව දුෂණ චෝදනා එල්ල කරමින් දෝෂාභියෝගයක් බාරදීමත් සමඟ ඔහු ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

පේරු කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු මෙම දෝෂාභියෝගය පසුගිය 21 වනදා ලබාදී ඇති අතර ඊට අදාළ චෝදනාව වන්නේ පේරු ජනාධිපතිවරයා උදේබ්‍රෙෂ් නම් බ්‍ර‍සීල ඉදිකිරීම් සමාගමකින්, අමෙරිකානු ඩොලර් මිලියන 4 ක අල්ලසක් ලබා ගෙන තිබෙන බවය.

79 හැවිරිදි පේඩ්‍රෝ පැබ්ලෝ කුසෙන්ස්කි පේරු රාජ්‍යයේ ජනාධිපති ධූරයට පත්වූයේ 2016 වසරේ ජූලි 28 ව නදා වන අතර සිය ඉල්ලා අස්වීම දැනුම් දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ දෝෂාභියෝගයේ චෝදනා වලට තමන් වරදකරු නොවූවත්, රටේ සාමය හා යහපැවැත්මට තමන් බාධාවක් බැවින් ඉල්ලා අස්වීමට තීරණය කල බවයි.

එසේම තමාට එරෙහිව දේශපාලන කුමන්ත්‍රණයක් දියත්ව තිබෙන බවත් ඒ හමුවේ තමා ඇතුළු පවුලේ සාමාජිකයන්ද අනාරක්ෂිතව ඇති බවද ඔහු සඳහන් කර ඇත.

එසේම මේ වන විට පේඩ්‍රෝ පැබ්ලෝ කුසෙන්ස්කිගේ අධාරකරුවෙකු වන කෙන්ජි ෆූජිමෝරි, කොංග්‍ර‍ස් මණ්ඩලයේ නීති සම්පාදකයින් හමුවන වීඩියෝවක් නිකුත්ව ඇති අතර එහි අල්ලස් ලබාගෙන දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය ප්‍ර‍කාශ කරන්නැයි ඉල්ලන දසුන් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පේරු රාජ්‍යයේ හිටපු ජනපති ඔලන්තෝ හුමාලා සහ ඔහුගේ බිරිඳද මේ වන විටත් සිරදඬුවම් විඳින අතර ඒ උදේබ්‍රෙෂ් සමාගමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 13.5 ක අල්ලසක් ලබා ගත් බවට එල්ලව තිබෙන චෝදනාවක් මතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න