Image

රට පුරා නව ප්‍රාදේශීය සිනමා ශාලා ඉදිකිරීමේ වැඩපිළිවෙළක්!

රට පුරා නව ප්‍රාදේශීය සිනමා ශාලා ඉදිකිරීමේ වැඩපිළිවෙළක්!

මෙරට සිනමා කර්මා­න්තය නඟා­සි­ටු­වීම සහ ප්‍රේක්ෂ­ක­යින් වර්ධ­නය කර­ගැ­නීම උදෙසා රට පුරා නව ප්‍රාදේශීය සිනමා ශාලා ඉදි­කි­රීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ජාතික චිත්‍ර­පට සංස්ථාව මගින් ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කර ඇත.

මෙම වැඩසටහන ආරම්භ කරන්නේ වත්මන් රජයේ ‘පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්’ ජාතික ප්‍රති­ප­ත්ති­යට සම­ගා­මීව ය.

දේශීය සිනමා කර්මා­න්තය නව මග­කට යොමු­ක­ර­මින් ප්‍රේක්ෂ­ක­යින්ට උසස් සිනමා අත්දැ­කී­මක් සමීප කර­වීමේ ද අර­මුණ ඇතිව මෙය ක්‍රියා­ත්මක කිරී­මට නිය­මි­ත ය.

පෞද්ග­ලික අංශයේ දාය­ක­ත්ව­යෙන් ක්‍රියා­ත්මක කෙරෙන මෙම සිනමා ව්‍යාපෘ­තිය පිළි­බඳ මූලික සාක­ච්ඡාව ජාතික චිත්‍ර­පට සංස්ථාවේ සභා­පති සුදත් මහ­දි­වු­ල්වැව ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා එම සංස්ථා පරි­ශ්‍ර­යේ දී පැවැ­ත්විණි.

731068189 985310051006914 8964360904005973839 n

මෙම ව්‍යාපෘ­තිය යටතේ ඉදි­කි­රී­මට නිය­මිත සිය­ලුම සිනමා ශාලා ඉහල තාක්ෂ­ණ­යෙන් (High-Tech) සමන්විත වෙයි. ප්‍රේක්ෂ­ක­යන්ට උප­රිම සුව­ප­හ­සුව සැල­සෙන පරිදි ආසන 50ත් 100ත් අතර ධාරි­තා­ව­කින් යුක්තව මෙම සිනමා ශාලා නිර්මා­ණය කිරී­මට සැල­සුම් කර ඇත. නව සිනමා ශාලා ඉදි­කි­රීම සහ පව­තින සිනමා ශාලා නවී­ක­ර­ණය කිරීම සඳහා ව්‍යාපා­රික කණ්ඩා­යම් කිහි­ප­යක් ම මේ වන විටත් චිත්‍ර­පට සංස්ථාව සමග එක­ඟ­තා­ව­ලට පැමිණ ඇත. ඒ අනුව, නව සිනමා ශාලා ඉදි­ක­රන ප්‍රදේශ වන්නේ: ගෝන­විල, පන්නල, පිට­කෝට්ටේ, නාර­ම්මල සහ නිට්ට­ඹුව ය.

සිනමා ශාලා නවී­ක­ර­ණය කෙරෙන ප්‍රදේශ වන්නේ හැටන්, මොන­රා­ගල, ඇඹි­ලි­පි­ටිය සහ නුගේ­ගොඩ ප්‍රදේ­ශ­ව­ල ය. මෙහි දී පව­තින සිනමා ශාලා නව තාක්ෂ­ණය යොදා­ග­නි­මින් සම්පූ­ර්ණ­යෙන් ම නවීකරණය කිරී­මට නිය­මි­ත ය. මීට අම­ත­රව තවත් ප්‍රාදේ­ශීය නගර රැසක නව සිනමා ශාලා ඉදි­කි­රීම සඳහා ඉදි­රි­යේ දී ආයෝ­ජ­ක­යින් සම්බන්ධ කර ගැනී­මට නිය­මි­ත බවයි සුදත් මහදිවුල්වැව පැවසුවේ.

728912146 985310191006900 5899551850008359534 n

මෙම සාක­ච්ඡාව සඳහා ජාතික චිත්‍ර­පට සංස්ථාවේ සාමා­න්‍යා­ධි­කාරි රුවන් ප්‍රේම­වීර ඇතුළු නිල­ධා­රී කණ්ඩායමක් සහ ප්‍රාදේ­ශීය සිනමා ක්ෂේත්‍රයේ ආයෝ­ජ­න­යට කැමැත්ත පළ­කළ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ 12 දෙනකු පමණ සහ­භාගි වී සිටි­යහ.

රොශෙල් ප්‍රනාන්දු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න