පුද්ගලික ක්‍රෙඩිට් කාඩ්වලින් බිස්නස් කරන්න බැහැ – මහ බැංකුව !

පුද්ගලික ක්‍රෙඩිට් කාඩ්වලින් බිස්නස් කරන්න බැහැ – මහ බැංකුව !

වාණිජ බැංකු විසින් පුද්ගලික පරිහරණය සඳහා නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත් ව්‍යාපාරික අරමුණ සඳහා භාවිත කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (19) පැවති මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු  මේ බව සඳහන් කළාය.

"මේක මේ දවස් කිහිපයේම අපිට අහන්න ලැබුණු දෙයක්. ණය කාඩ්පපත්වලින් ගෙවීම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කිසිම අලුත් නීතියක් පනවා හෝ ඒසේ කාඩ්පත් ගෙවීම් නවත්වන්න කියලා නැහැ. දැනට තියෙන නීතිය තමයි ණය කාඩ්පතක් පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට අවශ්‍ය කරන දෙයක් ලබා ගන්න. ‌වෙළෙඳාමක් වගේ දේකට භාණ්ඩ ලබාගන්න පාවිච්චි කරන්න බැහැ. නමුත් සාමාන්‍යයෙන් තමුන්ගේ පාවිච්චියට අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගන්න, අධ්‍යාපන ආයතනයකට ගෙවීමක් කිරීම වැනි සාමාන්‍යයෙන් කරන කටයුතු කරන්න තාම පුළුවන්. ඒකට කිසිම බාධාවක් අපේ නීතිවලින් ඇතිකරලා නැහැ."

ක්‍රෙඩිට් කාඩ්පත් හරහා විදේශ ගෙවීම් සිදුකිරීමේ දී බැංකු විසින් යම් යම් සීමා පනවා ඇති බවක් වාර්තා වී තිබෙන අතර ඒ් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී ලක්ෂ්මන් මහතා මෙසේ කියා සිටියේය. "ඔබට පුද්ගලික පරිහරණයට ලැප්ටොප් පරිගණකයක් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරලා ඒය මිල දී ගන්න පුළුවන්. නමුත් ඔබ වාණිජ අරමුණක් ඇතිව ලැප්ටොප් 10 ක් හෝ 15 ක් මිල දී ගන්න කටයුතු කරනවා නම් ඒය ප්‍රශ්නාර්ථයක් විය හැකියි."

මේ අතර විදේශ ‌ගෙවීම් සිදුකිරීමේ දී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අමතර ගාස්තු අයකිරීමක් වාණිජ බැංකු විසින් මේ වන විට සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමක නියෝජ්‍ය අධිපතිවරිය වැඩිදුරටත් පැවසුවේ මහ බැංකුවේ ජාත්‍යන්තර කටයුතු මෙහෙයුම් දෙපාර්තමේන්තුව මේ පිළිබඳ සොයා බලන බවයි.

(අද දෙරණ )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න