ශ‍්‍රී ලංකාව කලාපයේ නාවුක හා වාණිජ කේන්ද්‍රස්ථානයයි

ශ‍්‍රී ලංකාව කලාපයේ නාවුක හා වාණිජ කේන්ද්‍රස්ථානයයි

ඉන්දියානු සාගර හා දකුණු ආසියා කලාපයේ නාවුක හා වාණිජ  කටයුතු සඳහා කේන්ද්‍රස්ථානය වී ඇති ශ‍්‍රී ලංකාව, තම ප‍්‍රතිනැව්ගතකිරීම් සඳහා මධ්‍යස්ථානය ලෙස ඉදිරියේදි පත්කරගන්නා බවට යුරෝපයේ ප‍්‍රමුඛතම ප‍්‍රවහන සේවා සපයන්නකු වන එම් ඇන්ඞ් එම් මිලිට්සර් ඇන්ඞ් මුන්ච් සමුහය පසුගියදා ශ‍්‍රී ලංකාවෙදි පැවසීය.

”ඔබ සියලූ දෙනා දන්නා පරිදි අප සිටින්නේ වැදගත් සන්ධිස්ථානයකයි. කොළඹ වරායේ බහළුම් සහ බඩු බාහිරාදිය මෙහෙයුම් ධාරිතාවය තවදුරටත් ව්‍යාප්ති කිරීම නාවික අංශයේ වර්ධනයට නිරතුරුව දායකත්වය සපයනවා. එක්සත් ජාතින්ගේ  වෙළඳ හා සංවර්ධන සම්මේලනය මගින් ප‍්‍රකාශිත 2017 නාවික සම්බන්ධකතා දර්ශකයට අනුව දකුණු ආසියා කලාපයේ  හොඳම සමද්‍ර  ප‍්‍රවහන සම්බන්ධකතාවය සහිත රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇති අතර ඉන්දියාව පවා පරදා ලෝකයේම 15වන ස්ථානය අත්පත් කර තිබිම ඉමහත් සතුටට කරුණක්. 2025 වනවිට ශ‍්‍රී ලංකාව අංග සම්පූර්ණ නාවුක හා වාණිජ  කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙලට සමගාමීව කොළඹ වරාය මධ්‍යකොටගෙන ඉන්දියානු සාගර හා දකුණු ආසියා කලාපයේ ප‍්‍රතිනැව්ගතකිරීම් කටයුතු ශ‍්‍රී ලංකාව තුල සහබද්ධ කොට වඩාත් ශක්තිමත් කිරීමට  අපි බලාපොරොත්තු වෙමු,” යැයි එම් ඇන්ඞ් එම් මිලිට්සර් ඇන්ඞ් මුන්ච් සමුහයේ කළමනාකාර අධ්‍යක්ෂ දිළුම් ස්තේම්බු මහතා එම සමාගම ශ‍්‍රී ලංකාවෙ   දියත් කිරීමේ උත්සවයේදි පැවසීය. 

මෙම උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මැතිතුමා සහභාගි වු අතර ආරාධිතා අමුත්තා හා එම් ඇන්ඞ් එම් මිලිට්සර් ඇන්ඞ් මුන්ච් නියෝජිතවරිය ලෙස ටටියානා ශේෆර් මහත්මිය සපැමිණ සිටියාය.

{gallery}narvy{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න