පාස්කු ඉරු දින ප්‍රහාරයේ මරාගෙන මැරුණ බෝම්බකරුගේ පියා ජවිපෙ ජාතික ලයිස්තුවේ බව කිසිවකු කතා කරන්නේ නැතැයි යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පසු ගිය 06වන දින පාර්ලිමේන්තුවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
දුප්පත්කම හෙවත් දරිද්‍රතාව සීයට 25- 30ත් අතර වැඩිවෙලා
''ආර්ථික ඝාතකයෝ ගැන කතා කරනවා. කවුද මේ කතා කරන්නේ...? මේ ආර්ථික ඝාතකයෝ ගැන කතා කරන්න කලින් සභාපතිතුමිය නඩු තීන්දුව කියවන්න. නඩු තීන්දුවේ තියෙන කාරණා පිළිබඳව තේරුම් ගන්න. ඒ වගේම මේ කතා කරනවනේ තාත්තල පුතාලා ගැන. ඔය නෝනලා මහත්වරු තාත්තලා පුතාලා ඉන්න පක්ෂයයි එල්ටීටීඊ එකයි මේ රටට කරපු විනාශය සමස්ත රටේ ණය ප්‍රමාණය වගේ දෙගුණයක්. විදේශීය ණය ප්‍රමාණය වගේ දෙගුණයක්. හැබැයි ඒ නෝනලා මහත්තුරු තමයි අපිට උපදෙස් දෙන්නේ අද ඇවිල්ලා. දැන් බලමුකෝ මේ වැඩකාරයන් ගේ වැඩ. දැන් ඉන්නේ එකසිය පනස් නමයක් මල් පැළ නේ. ගරු සභාපතිතුමිය අද වර්තමාන ආර්ථික පසුබිමත් එක්ක රටේ ජනතාව ඉතාමත් අපහසුවෙන් ඉන්නේ. දැන් ඕකටත් පුළුවන් නම් පහුගිය කාලෙට බනින්න. අසීමිත බදු බරක්. අද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා දුප්පත්කම නැත්නම් දරිද්‍රතාවය 25%යි 30% අතරේ වැඩිවෙලා තියෙනවා. අපි නෙවෙයි කියන්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව. මේ ඔබේ ජනාධිපතිතුමා ගේ අමාත්‍යංශය කියනවා රටේ දුප්පත්කම නැත්තන් දරිද්‍රතාවය සීයට 25- 30යි අතර වැඩිවෙලා තියෙනවා කියලා. 2012-13 කාලසීමාවේ 6.7% දරිද්‍රතාවය තිබ්බේ. හැබැයි අද වෙනකොට මොකක්ද 25%35% අතරට වැඩි වෙලා තියෙනවා.
බාල ගල් අඟුරු නිසා දවසට ඩීසල් ලීටර් ලක්ෂ 6-9ත් අතර ප්‍රමාණයක් දහනය කරනවා
අනිත් පැත්තෙන් මිනිස්සු රත්තරන් බඩු උකස් තියෙනවා. ජීවත් වෙන්න විදියක් නෑ. ව්‍යවසායකයෝ අසරණ වෙනවා. විදුලි බිල ගෙවා ගන්න විදිහක් නෑ. අද ගම්වලට යනකොට දෙමාපියන්ගේ කරේ තිබිච්චච මාලේ කරාබුව මුද්ද උගස් තියල ජීවත් වෙන තැනට පත්වෙලා තියෙන්නේ. හැබැයි ඔබ ආණ්ඩුවක් විදියට ඒ සඳහා ගත්ත ක්‍රියාමාර්ගයය මොකක්ද, මේ සඳහා ඔබ තමුන්නාන්සේලා හදපු වැඩපිළිවෙළ මොකක්ද...? තවත් පැත්තකින් ගොවිජනතාව අසරණ වෙලා ඉන්නවා පොහොර නෑ ගම්වල. ඇමතිවරයා කියනවා පොහොර නෑ කිව්වොත් හිරේ දානවලු. රුපියල් 18000යි විසි දාහයි. පොහොර ගන්නේ වී ටික විකුණ ගන්න විදිහක් නෑ. වීවලට මිලක් නෑ. ධීවරයට තියෙන තෙල් මිලත් එක්ක තෙල් ටිකක් ගහලා අල්ලන මාළු ටික විකුණ ගන්න බෑ ඒ මිලත් එක්ක. හැබැයි ඔබතුමන්ලා ලස්සනට පිටින් මාළු ගේනවා. මොකද ඔබතුමන්ලා ගේ න්‍යාය පත්‍රය අනුව පිටරටින් හාල් ගේන එක පිටරටින් මාළු ගේන එක ලාභ කාරණයක්. රටේ මිනිස්සු දේපළ උකස් තියලා හරි කනකර ආභරණ උකස් තියලා හරි ජීවත් උනාට කමක් නෑ. ඇයි පිටින් ගේන තමන් ගේ ව්‍යාපාරිකයන්ට හම්බ කරගන්න දෙනවා. පහුගිය කාලේ ඒවා හොයන අයනේ දැන් කන්ටේනර් 323 පන්නපු අයනේ පාර්ලිමේන්තුවේ කියවන්නේ. ගිනිපෙට්ටි නම් කමක් නෑ. මේ කන්ටේනර් 323ක් වරායෙන් පැන්නුවේ. බාල ගල් අඟුරු ගෙනල්ලා ඒ පාඩුව මිනිස්සු පිට පටවලා බාල ගල් අඟුරු නිසා දවසට ලීටර් ලක්ෂ6-9 අතර ප්‍රමාණයක් දහනය කරන්න ඕන ඩීසල්. ඒ සම්පූර්ණ පීඩනය ඔබ මේ රටේ ජනතාවගේ පිට දාලා ආණ්ඩුව අත හෝදගන්න ලෑස්ති වෙනවා.
කුණාටුව ආපු පැතිවල පාර දෙපැත්තෙ තවමත් පස් කඳු
ඔබ මැතිවරණ කාලේ උපාධිධාරීන්ට පොරොන්දු වුනා රැකියා දෙන්න. අවසානෙට මොකක්ද වුණේ...? අදටත් උපාධිධාරීන්ට ඔබ හම්බවෙන්න එනකොට ගහලා පන්නනවා. උසස් පෙළ දරුවන් ගේ ප්‍රශ්නයක් තියෙනවා විභාගේ මේ පාර සිලබස් ආවරණය කිරීම පිළිබඳව කලින් ගත්තු හින්දා. හැබැයි ආණ්ඩුව ගරු සභාපතිතුමිය මේවට මැදිහත් වෙනව ද...? මම දැක්කා එක මන්ත්‍රීවරියක් කියනවා දිට්වා සම්බන්ධව අපි මෙහෙමයි සීයට පනහයි හැටයි හැත්තෑවයි... ලැජ්ජයි... දිට්වා කුණාටුව ඇවිල්ල දැන් මාස හතක් වෙනවා ඇවිල්ල මාස හතක් වෙලත් තවමත් 35000ක් තාවකාලික ගෙවල්වල හෝ කුලියට ගෙවල්වල තමයි ඉන්නේ. රටේ වතුකරයේ අනාරක්ෂිත ප්‍රදේශවල ජනතාවට ඉඩම් ටික පෙන්නන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නෑ. ඇයි හාම්පුතාලට කතා කරන්න බෑ නේ. මොකද හාම්පුතාලා ආණ්ඩුවත් එක්ක සම්බන්ධයි. ව්‍යාපාරිකයෝ ආණ්ඩුව එක්ක සම්බන්ධයි. වතුකරයේ අය ජනතාව ගේ ආරක්‍ෂාව සඳහා නිවාසයක් ලබා දෙන්න ආණ්ඩුවට මැදිහත් වෙන්න බෑ. අඩු ගානේ පාලම් ටික හදන්න. මම දැක්කා වැලි කොට්ට ගහලා හැදුවා. ඊළඟ වැස්සේ වැලිකොට්ට ටික ගහගෙන ගියා. අර ගිරිඋල්ල පාලමේ ඊයෙ තමයි උණ බට ටික අයින් කරේ. මාස හතකට පස්සේ තමයි ගරු සභාපතිතුමිය පාලමේ අස්සේ හිරවෙලා තිබුණ රොඩු ටික අයින් කරේ. මාස හතක් ඒක කරගන්න බැරි වුණා. තාම කුණාටුව ආපු පැතිවල පාර දෙපැත්තේ පස් කඳු. ඒක ඉවත් කරගන්න බැරි වුණා.
තවම දිට්වා නිසා අසරණ වුණ ජනතාව ගේ වන්දි ටික දීල නෑ
ඔබතුමන්ලා ඒ දවස්වල කිව්වා ජාත්‍යන්තරයෙන් උදව් ගන්නවා කියලා. ඉන්දියන් ආණ්ඩුවෙන් ආධාර දුන්න කිව්වා ඩොලර් මිලියන 100ක ග්‍රාන්ට් එකකුයි තව ඩොලර් මිලියන 300 ක ණයකුයි. මොනවද කරේ... මොකක්ද ප්‍රගතිය... ඉන්දියන් ග්‍රාන්ට් එකේ ගරු සභාපතිතුමිය මොකක්ද ප්‍රගතිය... අද වෙනකන් ඉන්දියන් ආධාර වශයෙන් ලැබුණු මුදල්වලට ඔබතුමන්ලා මොකද්ද කරේ. ඒ හින්දා ආණ්ඩුවක් විදියට ඔබතමුන්නාන්සේලාට වැඩ කරගන්න බැරි වෙනකොට ප්‍රායෝගිකව කරගන්න බැරි වෙනකොට ඒ පීඩනය විපක්ෂය පිට යවලා හරි යන්නේ නෑ. තවම දිට්වා නිසා අසරණ ජනතාවගේ වන්දි ටික දීගන්න බැරි වෙලා තියෙනවා ආණ්ඩුවට. පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ජනාධිපතිවරයා කිව්වා ලක්ෂ දෙකක් දෙනවා ලක්ෂ දහයක් දෙනවා කිව්වා. තහඩුවට ලක්ෂ පනහක් දෙනවා කිව්වා. ඉඩමට ලක්ෂ පනහක් දෙනවා කිව්වා ගෙදරට. අමූලික පච ගැහුවා.දැන් හොයා ගන්නත් නෑ.
අපි සලේ වෙනුවෙන් බෝධි පූජා තියනවා
අද පාර්ලිමේන්තුව ඇතුළෙ කතා වුණා ත්‍රස්ත විමර්ශන පනත ගැන. දැන් පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයක් තිබුණා. ඒ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඔබතුමන්ලා ගේ පක්ෂයේ ජේවීපී එකේ උතුරේ ප්‍රවර්ධනය කරන්න ඔබේ පක්ෂයෙන් දාපු ගීතය එල්.ටී.ටී.ඊ මතවාදය ප්‍රවර්ධන කරන ගීතයක්. මාධ්‍ය වාර්තා කරා එල්ටීටීඊ එක ප්‍රවර්ධනය කරන්න දාපු ගීතයක් තමයි ඔබතුමන්ලාගේ පක්ෂය උතුරේ ප්‍රාදේශීය සභා මැතිවරණය වෙලාවේ පාවිච්චි කරේ. ඔබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ෆේස්බුක් එකේ ඒක ශෙයා කලා. ජනාධිපතිතුමා වේදිකාවේ නගින පින්තූරත් එක්ක වීඩියෝ හදලා දැම්මා. හැබැයි පහුගිය දවසක කිලිනොච්චියේ තරුණයෙක් සංගීත් කියලා තරුණයෙක් එල්ටීටීඊ එක සම්බන්ධයෙන් රැප් එකක් කිව්ව කියල ගෙනල්ල දානවා ත්‍රස්ත විමර්ශනන පනතෙන්. හැබැයි ඒ තරුණයා සිංදුවක් කිව්වම දාන්න පුළුවන් හිරේ. එතකොට ඔබ තමුන්නාන්සේලාගේ මැතිවරණ වේදිකාවේ දාපු සින්දුවට කවුද වග කියන්නේ. අනිත් පැත්තෙන් සුරේෂ් සලේව තනිකර දේශපාලන හේතු මත. ගරු සභාපතිතුමිය පරීක්ෂණ කටයුතු කිරීම ගැන අපේ විරෝධත්වයක් නෑ. ඒක වෙන්න ඕන. මන් දැක්කා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් සුරේෂ් සලේ ගෙ කාලෙ සම්බන්ධයෙන් බෝධි පූජා කරනවා කියලා; ඔව් අපි බෝධී පූජා කරනවා තමයි; ඇයි ප්‍රශ්නයක්ද...? ඒ වගේම තමයි අපි මේ රටේ රණවිරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒක ඔයාලට ප්‍රශ්නයක් ද...? ඔව් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකද ඔයාලට ඒ කට්ටියත් එක්ක ප්‍රශ්නයක් තියෙන හින්දා. හැබැයි අනිත් පැත්තෙන් ගරු සභාපතිතුමිය මේ කාරණය තනිකර දේශපාලන හස්තයක් විදියට හසුරවන්න උත්සාහ කරනවා. ඒ හින්දා ඔබට කරුණාකරලා අපි කියන්නේ පරීක්ෂණයක් කරන්න හැබැයි මේ පරීක්ෂණ ඔබ තමුන්නාන්සේලා දේශපාලනී කරණය කරලා ඒ කාරණය අපේ දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට පරිවර්තනය කරගන්න උත්සාහ කරන්න එපා.''

