රුපියල් මිලියන 1340 ක වියදමින් කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14 ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට පියවර

රුපියල් මිලියන 1340 ක වියදමින් කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14 ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට පියවර

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සහ ප්‍රාදේශීය මාර්ග සංවර්ධනය සඳහා ක්‍රියාත්මක ප්‍රධානතම රාජ්‍ය සංවර්ධන වැඩසටහනක් වන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන iRoad (Integrated Road Investment Program) යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත.  

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ: අගලවත්ත, මතුගම සහ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 ක මාර්ග 04 ක සංවර්ධන කටයුතු හෙට (13) කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය දායකත්වය සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන්නකි.

Lot 04 සහ Lot 03 වශයෙන් වූ ව්‍යාපෘති කාණ්ඩ දෙකක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර, Lot 04 ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 2.41 දුර ප්‍රමාණයකින් යුත් යුතු අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවිතිගල නාවිතිගල මාර්ගයත්, මීටර් 0.77 දුර ප්‍රමාණයකින් යුත් මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොරකන්දමුල්ල මාර්ගයත් Lot 03 ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 1.22 ක දුර ප්‍රමාණයකින් යුත් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රේරුකන සමරනායක මාර්ගයත්, කිලෝමීටර් 2.36 ක දුර ප්‍රමාණයකින් යුත් කනත්තගොඩ යන මාර්ගයත් සංවර්ධන කටයුතු හෙට (13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

එමෙන්ම ඉහත Lot 03 ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ  හොරණ, බුලත්සිංහල, කළුතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි කුඹුක නාරංගහහේන මාර්ගය, රණවිරු සමන්ත මාවත, ඇටකන්ද මාර්ගය, ගලහේන හන්දියේ සිට මීරෂේන කර්මාන්ත ශාලාව දක්වා මාර්ගය, ගෝනදූව කවටයාගොඩ දික්වැල්ල මාර්ගය ඇතුළුව කාපට් අතුරා සංවර්ධනය කෙරෙන සමස්ත මාර්ග ප්‍රමාණය  07 කි. 

එමෙන්ම එම  ව්‍යාපෘතිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ හොරණ, හෝමාගම, පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් හි මුණමලේ මාර්ගය, කහවල නාකන්දල පාර, බෝපේ වැවල්කැටිය මාහිංගල මාර්ගය, දම්පේ බයිගේ වත්ත පාර, බෝපෙවත්ත මාර්ගය, වශයෙන් මාර්ග 05 ක් කාපට් අතුරා සංවර්ධනය කිරිමට නියමිතය. ඒ අනුව Lot 03  යටතේ කළුතර දිස්ත්‍රික්කයේ  සහ කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සිදු කරන සමස්ත මාර්ග 12 ක සංවර්ධන කටයුතු වල මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 20 කි. ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 692 ක් වන අතර, මෙම සියලු ව්‍යාපෘති ද 2027.06.05 දින වන විට අවසන් කිරිමට සැලසුම් කර ඇත.

ඉහත  Lot04 ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ මතුගම, දොඩංගොඩ, මදුරාවෙල, අගලවත්ත, බුලත්සිංහල, පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි වල්කන්ද හන්දියේ සිට වැල්ලන හන්දිය දක්වා වූ මාර්ගය, බටවල මාර්ගය, නිවිතිගල නාවිතිගල මාර්ගය, පරගොඩ ගමගේවත්ත මාර්ගය, හොරකන්දමුල්ල මාර්ගය, අත්වැල්තොට අඹේගොඩ බඹපර මාර්ගය, බෝධියකන්ද හන්දියේ සිට මුලටියන මාර්ගය වශයෙන් මාර්ග 07 ක් කාපට් අතුරා සංවර්ධනය කිරිමට නියමිතය. එම සංවර්ධන කටයුතුවල මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 19.5 ක් වන අතර, ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 648.1 කි. මෙම සියලු ව්‍යාපෘති ද 2027.06.05 දින වන විට අවසන් කිරිමට සැලසුම් කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය සඳහා මෑත කාලීනව මහා පරිමාණ සහ ග්‍රාමීය මට්ටමේ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, දෙවන ඒ්කාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන iRoad (Integrated Road Investment Program) යටතේ ග්‍රාමීය මාර්ග කාපට් (Bituminous) අතුරා සකස් කිරීම, පුළුල් කිරීම, කාණු පද්ධති සකස් කිරීම සහ බෝක්කු ප්‍රතිසංස්කරණය කිරිම මෙන්ම මාර්ග සංවර්ධනය කිරීමෙන් පසුව, ඒවා වසරක කාලයක් පුරා පවත්වාගෙන යාම සහ නඩත්තු කිරීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්              

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න