ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන වජිර ගුණවර්ධන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පසුගියදා වැඩභාර ගත්තේ ය.
වජිර ගුණවර්ධන මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයකු ගම්පහ, කොළඹ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකු ලෙස ද වසර 12 කට ආසන්න කාලයක් රාජකාරි ඉටු කර ඇති දක්ෂ නිලධාරියෙකි.
ශ්‍රී ලංකා පොලිසියේ අධ්‍යක්ෂ සිවිල් පරිපාලන වශයෙන් තවත් වසර නවයක කාලයක් සේවය කර ඇති ඔහු පසුගිය 10වන දා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස රාජකාරි ආරම්භ කළේ ය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂෂ ශ්‍රේණියේ නිලධාරියකු වන වජිර ගුණවර්ධන, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ආදී සිසුවෙකි. මූලික උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, පශ්චාත් උපාධිය කැලණිය විශ්වවිද්‍යාල යෙන් ද හදාරා ඇතිි ඔහු රාජ්‍ය සේවයේ වසර 35ක අත්දැකීම් සහ පළපුරුදු සහිත කීර්තිමත් උසස් නිලධාරියෙකි.
වජිර ගුණවර්ධන වැඩභාරගත් අවස්ථාවට ජාතික මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, පවුලේ ඥාතීහු ඔහු වැඩ කළ විවිධ ආයතනවල හිතවතුන් ඇතුළු කිහිපදෙනකු සහභාගි වී සිටියහ.
ජේ. මුණසිංහ

