ජනපති ගමන් ගන්නා හෙලිකොප්ටරයේ නියමුවෝ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමග කොටු වෙති

ජනපති ගමන් ගන්නා හෙලිකොප්ටරයේ නියමුවෝ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමග කොටු වෙති

ජනාධිපති අනුර කුමාර දිසානායක ගමන් ගන්නා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ VIP හෙලිකොප්ටර් වල ගුවන් නියමුවන් පිරිසක් ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ හසුවීමේ සිද්ධියක් හිටපු බුද්ධි නිලධාරියකු හෙළි කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අතිවිශේෂ ප්‍රභූ ආරක්ෂක (VIP) බලඇණියට සහ පුහුණු මෙහෙයුම්වලට සම්බන්ධ ගුවන් නියමුවන් පිරිසක් මෑතකදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පැමිණි සිටී මොහොතේ දී පොලිස් අත්අඩංගුවට පත් වීමේ බරපතළ සිදුවීම් කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වේ. ගුවන් හමුදා හිටපු බුද්ධි නිලධාරියෙකු වන කීර්ති රත්නායක Truth With chamuditha වැඩසටහනට සහභාගී වෙමින් විසින් මේ බව ප්‍රසිද්ධියට පත් කර ඇත.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිත් එම යානයේ

ඔහු පෙන්වා දෙන පරිදි, මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ප්‍රභූවරුන් ගේ ගමන් බිමන් සඳහා භාවිත කළ VIP Squadron බළඇණියට අයත් බෙල් 412 (Bell 412) හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවන් මෙලෙස මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගොස් සිටිය දී කොටු වී ඇත. මේ වනවිට එකී ගුවන් නියමුවන් දෙදෙනා ගුවන් හමුදාවේ අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් හමුදාවේ කඳවුරේ රඳවා තබා ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.

මෙරට ඉහළම රාජ්‍ය නායකයන් සහ විදේශීය රාජ්‍ය නායකයන් රැගෙන යන යානාවල නියමුවන් මෙවැනි තත්ත්වයක පසු වීම ජාතික ආරක්ෂාව මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාවද දැඩි තර්ජනයකට ලක් කිරීමක් බව කීර්ති රත්නායක පෙන්වා දුන්නේය.

 

ජනාධිපතිවරයා ගේ ජීවිත ආරක්ෂාව සෘජුව ම බිංදුවට ඇද දැමීමක්

මීට අමතරව, මෑතකදී මාදුරුඔය ප්‍රදේශයේ පැවැති විශේෂ පුහුණු මෙහෙයුමකට සහභාගී වූ අනතුරට පත් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ද ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිතා කර ගුවන් යානය පදවා ඇති අතර එකී ගුවන් යානය කඩන් වැටීමෙන් ගුවන් යානයේ නියමුවා ඇතුළු පස් දෙනෙක් මරණයට පත් වුණු බව කීර්ති රත්නායක වැඩිදුරටත් අනාවරණය කළේ ය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය සංවේදී සහ වගකිවයුතු තනතුරු දරන, විශේෂයෙන්ම ප්‍රභූ ආරක්ෂක අංශවල (VIP Squadrons) රාජකාරි කරන නිලධාරීන් අතර මෙලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම පිළිබඳව ආරක්ෂක අංශවල දැඩි අවධානය වහා යොමුවිය යුතුව ඇත.

රටේ රාජ්‍ය නායකයා ගමන් ගන්නා ගුවන් යානයක නියමුවන් මෙලෙස අතිශය විනාශකාරී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිය දී ගුවන් නියමුවරයෙහි යෙදෙන්නේ නම්, එය ජනාධිපතිවරයා ගේ ජීවිත ආරක්ෂාව සෘජුවම බිංදුවට ඇද දැමීමකි. මෙමඟින් සමස්ත රටේම ස්ථාවරත්වය දැඩි අවදානමකට ලක්වන බව නොරහසකි.

එබැවින්, මින් ඉදිරියට ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන් සහභාගී වන ඕනෑම ගුවන් ගමනකට ප්‍රථම, අදාළ සියලුම ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩලය විධිමත් මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට (Drug Test) ලක් කිරීම අනිවාර්ය කළ යුතුය. එම වෛද්‍ය වාර්තා මඟින් ඔවුන්ගේ සෞඛ්‍ය සහ මානසික යෝග්‍යතාවය සියයට සීයක් තහවුරු කරගැනීමෙන් අනතුරුව පමණක් ගුවන් ගමන් සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කිරීම, ජනාධිපති ආරක්ෂක අංශය සතු මඟහැරිය නොහැකි වගකීමක් හා යුතුකමක් බව මෙහිදී අවධාරණය කළ යුතුය.

 

475681234 1013008757303689 7674758406115305466 n

 

 

 

 

සටහන - Mahesh Sampath Dillimuni

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න