මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවන් 24ක් නම් කරයි

මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවන් 24ක් නම් කරයි

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පුද්ගලයින් 32ක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 24 දෙනකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුවන්  24 දෙනෙකු නම් කළේ ය. ඒ,  සිද්ධිය වන අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ය.

සැකකරුවන් ලෙස නම් කළ රැඳවියන් 62 දෙදෙනා ම අගෝස්තු 21 අධිකරණයට

එමෙන්ම තවත් සැකකරුවන් 38 දෙනෙකු නම් කළ අතර  එහිදි එම සැකකරුවන්  අද (07) දිනය තුළ ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ,  මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (07)  නියෝග කළා ය. එම අනුව නඩුව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 62ක් නම් කර ඇති අතර 38 දෙනෙකු අද දින හඳුනා  ගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සාක්ෂිකරුවන් වන නිලධාරීන් බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා තවමත් රෝහලේ බැවින් පෙරට්ටුව ලබන 21 දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා ය. එමෙන්ම අද දින ඉදිරිපත් කළ සැකකරුවන් ද එදින දක්වා එනම් අගොස්තු 21 දක්වා රක්ෂි ත බන්ධනාගාරගත කරන ලෙස ද නියෝග කළා ය. තව ද, අද දින නම් කළ සැකකරුවන් 24  දෙනා ද අගෝස්තු  21වෙනිදාට ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද බන්ධනාගාර අධිකාරිවරුන්ට නියෝග කළා ය. ආරක්ෂක හේතු මත එම සැකකරුවන් ගේ නම් විවෘත අඅධිකරණයට ඉදිරිපත් නොකළ ද නම් ලැයිස්තුව සහ බී වාර්තාව මහෙස්ත්‍රාත්වරිය අතට පත් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ ය. ඒ අනුව ලබන අගෝස්තු 21වෙනිදා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම් කල රැඳවියන් 62 දෙදෙනා ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

එහි දී වැඩිදුරටත් කරුණු දක්වමින්  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ  උප පොලිස් පරික්ෂක මධුරංග මෙසේ සඳහන් කළේ ය.

ස්වාමීනි...,

මෙම සැකකාර රැඳවියන් හඳුනා ගැනීමට බන්ධනාගාරයේ සිටි රැඳවියන්ට සහ නිලධාරීන්ට හැකියාව තිබෙනවා. එම සැකකාර රැඳවියන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. අද දින සැකකරුවන් 38 ක්  බුස්ස බන්ධනාගාරයෙන් සහ පල්ලන්සේන බන්ධනාගාරයෙන් ගෙනත් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරනවා. එමෙන්ම අද දින නම් කරන සැකකරුවන් ඔබතුමිය නම් කරන දිනයක දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිය නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා."

එහී දි එම නිලධාරීන් සඳහන් කළේ දැනට ඉදිරිපත් කර ඇති සැකකරුවන් සම්බන්ධයෙන් සහ  සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගන්නා  සියලු ම සැකකරුවන්ට මිනි මැරුම් චෝදනා යටතේ,  ගිනි අවි අඥා පනත යටතේ සහ පොදු දේපල පනත යටතේ  නඩු පවරන බවයි. දණ්ඩ නීති සංග්‍රහයේ  102, 113, 146, 186, 300, 315, 316, 317, 344 සහ ඉහත පනත් යටතේ වැරදි සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.

අනතුරුව අදාළ සැකකරුවන් අද දිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා නඩුකරය පස්වරු 2.00ට යළි කැඳවූවා ය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශ 01 සහකාර පොලිස් අධිකාරි චන්දන කළුආරච්චි මහතා ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාරත්න,  උප පොලිස් පරික්ෂක දුලිත මධුරංග සහ අනිල් අසේල (87113) ඇතුළු  නිලධාරීන් පිරිසක් වැඩිදුර වාර්තාව ඉදිරිපත් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න