සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 37 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කරමින් හිටපු කැලණියේ ප්‍රාදේශීය සභාවේ සභාපති හේවා දේවගේ මංජුල ප්‍රසන්න යන අයට දෙසැම්බර් මස 04 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නොතීසියක් නිකුත් කළේ ය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ මොහු සිද්ධියට අදාළව දොළොස්වන (12) සැකකරු ලෙස සිට පසුව නිදහස් කර සිටිය ද ඔහු නැවතත් සැකකරුවෙක් ලෙස නම් කිරීමට නීතිපති උපදෙස් ලැබී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීම සලකා ලීමෙන් අනතුරුව ය.

