රජය ප්‍රමුඛතාව නොහඳුනන බවත්, රජය මේ වන තුරු බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් සහන සලසන ආකාරයේ වැඩ පිළිවෙලක් සකසා නැති බවත් සර්වජන බලය දේශපාලන මණ්ඩල සභික, නීතිඥ ලක්මල් වික්‍රමආරච්චි පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්මල් වික්‍රමආරච්චි..
“රජය ප්‍රමුඛතාවයක් හඳුනන්නේ නෑ. රජය මේ වනතුරු බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් සහන සලසන ආකාරයේ වැඩපිළිවෙලක් නෑ. මේ ආණ්ඩුව, සතුන්ට දක්වන අනුකම්පාවත් බන්ධනාගාර රැදවියන්ට නොදක්වන ආණ්ඩුවක්. බන්ධනාගාරවල ඉන්න බහුතරය ඉන්නේ අන්තරාදායක ඖෂධ පනත යටතේ ග්‍රෑම් 10ට වඩා වැඩිපුර තබා ගත් සැකකරුවන්.
අධිකරණ සංවිධාන පනතට සශෝධන ගෙන ආ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ අධිකරණයේ නිවාඩු දෙන දවසේ. ආණ්ඩුව සංශෝධන ගෙනත් තියෙන්නේ අදාල විශ්‍රාම ගැන්වීමේ පනතට නෙවෙයි; අධිකරණ සංවිධාන පනතට යි. එක පනතකින් තව පනතක් ක්‍රියාත්මක වීම වළක්වලා. ඒ අනුව මේ පනත් දෙක අතර ගැටීමක් ඇතිව තිබෙනවා. රජයේ සේවකයින්ටත් වසර දෙකක සේවා දීර්ඝයක් ලබා දුන්නොත් රජයේ සේවයට බඳවා ගැනීම වසර දෙකකට අත්හිටුවීමට සිදුවෙනවා.''

