ප්‍රාදේශීය ආණ්ඩුකරණය තුළ දේශගුණික විපර්‍යාස පිළිබඳව සැලකිලිමත් වීම සඳහා ජර්මනියේ කොන්‍රඩ් ඇඩිනර් පදනම සහ ආණ්ඩුකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ආයතනය එක්ව ආරම්භ කල නියමු ව්‍යාපෘතිය සාර්ථක ව ක්‍රියත්මක කෙරේ.
ඒ අනුව උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ පුතුකුඩීඉරිප්පු ප්‍රාදේශීය සභාව, මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගර සභාව සහ මැදදුම්බර ප්‍රාදේශීය සභා තුළ උපදේශක කාරක සභා පිහිටවීමට අවශ්‍ය වැඩමුළු පසුගිය සතියේ පැවැත්වී ය. ඒ සඳහා ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන්ගේ , නිලධාරින්ගේ අනික් සහෝදර ආයතනවල ඉහළ සහභාගිත්වයක් සහ උනන්දුවක් දක්නට ලැබිණි.
අද දින බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ කාලගුණික විපර්‍යාස පිළිබඳ උපදේශක කාරක සභාවේ කටයුතු සිදු කෙරේ.
ඒ සඳහා බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන නීති නිලධාරී පාලිත අභේවර්ධන, නියොජ්‍ය පළාත් පාලන කොමසාරිස් දිනේෂ් ධර්මප්‍රිය, බස්නාහිර ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් අරුණ ප්‍රදීප්, IDAG ආයතනයේ ලේකකාධිකාරී අකලංක හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.





