අල්ලස් පැමිණිල්ලෙන් බේරීමට අගමැති හරිනි අමරසූරිය මහත්මිය ලවා ‘කූට’ කැබිනට් පත්‍රයක් අනුමත කරවා ගැනීමට දරන ලද තක්කඩි උත්සාහය ද පරාජය වෙද්දී කතානායක ජගත් වික්‍රමරත්න කොටු කරමින් විමර්ශන අතිශය තීරණාත්මක අදියරකට පැමිණ තිබේ.
කෝටි තුනක රාජ්‍ය දේපළ අවභාවිතයක
කතානායකවරයා විසින් සිදු කරන ලද බරපතළ රාජ්‍ය දේපල අවභාවිතයට අදාළව කතානායක පුද්ගලික පළි ගැනීමට ලක්ව වැඩතහනමට ලක් කර ඇති පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) හමුවට කැඳවා පෙරේදා පැය පහකට ආසන්න කාලයක් අතිශය දීර්ඝ ලෙස සාක්ෂි විමසීමට ලක් කර ඇත.
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න
එහි දී පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයා ද එක්වෙමින් කතානායකවරයාට එරෙහිව ඇති සියලු ම දූෂණ චෝදනා සම්බන්ධයෙන් බිඳහෙළිය නොහැකි ලිඛිත සහ තාක්ෂණික සාක්ෂි රැසක් කොමිසම හමුවේ තබා ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙතෙක් සිදුකළ නීතිවිරෝධී වාහන සහ මාධ්‍ය උපකරණ භාවිතය 'අතීතයට බලපාන පරිදි' නීත්‍යානුකූල කරගැනීමට අගමැතිනිය ලවා කැබිනට් පත්‍රයක් දමාගැනීමට කතානායකවරයා මීට පෙර දැරූ කූට උත්සාහය ද ව්‍යර්ථ වී ඇති පසුබිමක මෙම සාක්ෂි හෙළිදරව් වීමත් සමග ඔහු දැඩි අර්බුදයකට ලක්ව තිබේ. ඉදිරිපත් වූ ප්‍රබල සාක්ෂි අනුව නිල අනුමැතියකින් තොරව WP NC 4923 දරන රජයේ වාහනය, පාර්ලිමේන්තු මාධ්‍ය උපකරණ සහ අනෙකුත් වරප්‍රසාද අවභාවිත කිරීමෙන් කතානායකවරයා රජයට සිදු කර ඇති සමස්ත පාඩුව රුපියල් කෝටි 3කට (රු. 30,000,000/-) ආසන්න බව සාක්ෂි සහිතවම තහවුරු වී තිබේ.
ඔළුව කළුගලේ ගසාගත් කතානායක
අල්ලස් කොමිසම හමුවේ නීතිඥ චමින්ද කුලරත්න දීර්ඝ ලෙස සාක්ෂි ලබා දෙන අවස්ථාවේ දී පවා, තමන්ට එරෙහිව මෙවැනි බරපතල විමර්ශනයක් සිදුවන බව කතානායකවරයා දැන සිට නැත. ඒ පිළිබඳ කිසිදු පූර්ව දැනුවත්භාවයකින් තොරව, යම් යම් පුද්ගලයන් මැදිහත් කරගනිමින් මෙම සිදුවීම කෙසේ හෝ යටගසා සමතයකට පත්කර ගැනීමට කතානායකවරයා පසුපස ද්වාරයෙන් උත්සාහ දරා ඇත.
තත්ත්වය තවත් බරපතළ වන්නේ, මීට පෙර ගරු නීතිපතිවරයා විසින් ද මෙම අර්බුදය සමතයකට පත්කර ගැනීම සඳහා සාධනීය යෝජනාවක් ඉදිරිපත් කර තිබූ පසුබිමකය. චමින්ද කුලරත්න ගේ අත්හිටුවන ලද සේවය නැවත පිහිටුවා ඔහුට සාධාරණය ඉටු කරමින් මෙම සියලු ගැටලු සමතයකට පත්කර ගන්නා ලෙස නීතිපතිවරයා එදා කතානායකවරයාට අවවාදාත්මක ලෙස උපදෙස් දී තිබුණි. නමුත්, එකල අතිශය උද්දච්ච ලෙස හැසිරුණු කතානායකවරයා එම නීතිපති යෝජනාවට ද පයින් ගසා කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට කතානායකවරයකු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීම නීතිපතිවරයා විසින් ම ඍජුවම ප්‍රතික්ෂේප කරන ලදී.
එදා තමන් කළ මෝඩ ක්‍රියාවේ තරම සහ නීතිය හමුවේ තමන් අද වැටී සිටින අගාධයේ තරම කතානායකවරයාට වැටහී ඇත්තේ දැන් ය. විශේෂයෙන් ම තමන් වෙනුවෙන් පෙනී සිටීමට ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ කිසිදු ඇමතිවරයකු හෝ මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් නොවීමත් සමග කතානායකවරයා සම්පූර්ණයෙන් ම තනිවී ඔළුව කළුගලේ ගසාගත් තත්ත්වයට පත්ව සිටී.
නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ගේ පූර්ණ සහාය
අල්ලස් කොමිසම හමුවේ ගොඩගැසී ඇති මෙම අතිශය ප්‍රබල සාක්ෂි පදනම් කරගනිමින් කතානායක ජගත් වික්‍රමරත්න ඕනෑම මොහොතක අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ පූර්ණ නීතිමය ඉඩකඩ මේ වන විට නිර්මාණය වී ඇත. තමන්ගේ පක්ෂයේ ද වෙනත් පක්ෂයක ද යන්න නොබලා දූෂිතයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමේ ජනාධිපතිවරයා ගේ නොසැළෙන ප්‍රතිපත්තිය ද මෙම විමර්ශන කඩිනම් වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
මීට පෙර කුමාර ජයකොඩිට එරෙහිව දූෂණ චෝදනා එල්ල වූ වහාම ඔහුව අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කළ අතර, එහි ඍජු දිගුවක් ලෙස කතානායකවරයාගේ මෙම අතිදැවැන්ත දූෂණය සම්බන්ධයෙන් ද සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා ගේ පූර්ණ සහාය හිමිව තිබේ. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට හමුවේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට ජනාධිපතිවරයා ගෙන යන මෙම තීරණාත්මක සහ ආදර්ශමත් වැඩපිළිවෙළට සමස්ත ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුය.

සම්පත් දිල්ලිමුණි

