තිලකරත්න දිල්ෂාන් ගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක්

තිලකරත්න දිල්ෂාන් ගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක්

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් ඊයේ (27) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.

ඒ, මෑතකදී අත්අඩංගුවට ගත් සිරාන් බාසික් නමැති පුද්ගලයා සමග තිලකරත්න දිල්ෂාන් සම්බන්ධ කරමින් මුදල් සම්බන්ධ අයථා ක්‍රියාකාරකම්වලට හෝ වෙනත් වංචනික කටයුතුවලට සම්බන්ධ බවට හැඟෙන ආකාරයෙන් ඇතැම් සමාජ මාධ්‍ය ගිණුම් පිටු සහ කණ්ඩායම් හරහා අසත්‍යය තොරතුරු සමාජගත කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහායි.

 

පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙද අදහස් දැක්වූ තිලකරත්න ඩිල්ෂාන්…

''මාගේ කීර්ති නාමයට හානිවන ආකාරයෙන් කීර්ති රත්නායක නැමැති පුද්ගලයෙක් සහ රාජාංගනයේ හිමි කියාගන්නා ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු කිහිප දෙනෙකු විසින් මගේ රුව යොදාගෙන සමාජ මාධ්‍ය හරහා අපහාස සිදු කරමින් සිටිනවා. රට වෙනුවෙන් වසර විස්සක් ක්‍රීඩා කරලා ඇඟිලි දහය ම කඩාගෙන රට වෙනුවෙන් කීර්තියක් ගෙනල්ලා මේ විදිහට අපහාස විඳින්න මම කැමති නැහැ. මගේ දියණිය දහනමයෙන් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා මගේ දරුවන්ට මේක මානසිකව විශාල ලෙස බලපානවා. මෙම සිද්ධිය වෙනකොට මම ලංකාවේ සිටියේ නැහැ අද උදෑසන තමයි මම ලංකාවට ආවේ මගේ මිතුරෙකු මාර්ගයෙන් තමයි මම මේක දැනගත්තේ.

මම සීයට සීයක් නිර්දෝෂයි. එම නිසා තමයි මම අද දින මෙම පැමිණිල්ල මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ඉදිරිපත් කරේ.  මම සාකච්ඡා කරගෙන යනවා මගේ නීතිඥයන් සමග මගේ නමට වූ හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර අරගන්න. සමාජ මාධ්‍යය තුළ හොඳ විදිහට වැඩක් කරන කෙනෙක්ට වුනත් මේ නිසා වැඩ කරන්න අමාරුයි.  විව්ස් බලාගෙන ප්‍රසිද්ධ පුද්ගලයින් ගේ රුව යොදාගෙන හානි වන ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පතුරන පුද්ගලයන් සිටිනවා. ක්‍රිකට් ක්‍රීඩාවට කළු පැල්ලමක්  වැනි හෙඩ්ලයින් දාලා මාධ්‍යයට මුදා හැරියහම ක්‍රිකට්වලට ආස කරන අය මේවා බලනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ විව්ස් පමණයි. ප්‍රසිද්ධ පුද්ගලයන් මේ විදිහට අපහසුතාවයට සමාජ මාධ්‍ය තුළ ලක් කිරීම පිළිබඳ කනගාටුයි සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිතා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න