22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට පසුගිය 29වන දා උද්ඝෝෂණයක් පැවැත්විණි.
මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී ඒ්කාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්මන්ත්‍රණයට සහභාගී වූ ජනතාව ය.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක, එජාප ජාතික සංවිධායක සාගල රත්නායක, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක, හිටපු පා.ම සමන් රතනප්‍රිය යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් උද්ඝෝෂණයට නායකත්වය දුන් තවත් පිරිසක් සහභාගීව සිටියහ.
"ජනතා පරමාධිපත්‍ය සුරකිනු!, ඡන්ද අයිතියට අත නොතබනු!, 22ට ජනමත විචාරණයක් ලබාදෙනු!, ජන මතයට හිස නමනු!, අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු!" ආදි සටන් පාඨ ලියු පුවරු උද්ඝෝෂකයෝ අත වූහ.
පැය බාගයකට ආසන්න කාලයක් සාමකාමීව උද්ඝෝෂණයේ නිරත වූ පිරිස විසිර ගියහ.




