උදය ගම්මන්පිලට එරෙහිව ගොනුකර ඇති නඩුවේ ලිඛිත දේශන ලබන 18 වැනිදා

උදය ගම්මන්පිලට එරෙහිව ගොනුකර ඇති නඩුවේ ලිඛිත දේශන ලබන 18 වැනිදා

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකයින් දෙදෙනකුට අයත් සමාගම් කොටස් විකිණීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගොනුකර ඇති නඩුවේ ලිඛිත දේශන සඳහා ලබන 18 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ නියෝග කරයි.

සාක්ෂි විභාගය අවසන් කල මහාධිකරණ විනිසුරුවරිය මෙලෙස ලිඛිත දේශන සඳහා අද  (03)  දින නියම කළා ය.      

1996 සැප්තැම්බර් මස 26 වන දින සහ 1997 සැප්තැම්බර් මස 25 අතර කාලය තුළ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මගින් මීට වසර 19කට පෙර  ඔහුට අයත් සමාගමක කොටස් විකුණා  රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධයෙන්  හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට  එරෙහිව චෝදනා හතරක් යටතේ මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩ පෙනී සිටියේ ය.

ජනාධිපති  නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය වෙනුවෙන් පිටින් සිටියහ.

විත්තිකාර උදය ගම්මන්පිලද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න