#FreeLawyers

  • රටට අහිමි වූ ඩොලර් මිලියන 2.5: කිසිවෙකුටත් වගකීමෙන් පැන යාමට ඉඩ දිය යුතු නැහැ - Free Lawyers

    භාණ්ඩාගාරයේ සිදු වූ ඩො..මි. 2.5 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ආයතනික මතභේද වර්ධනය වී ඇති බවත්, පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව මේ පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සඳහා සති හතරක කාලයක් ද, ඉන් පසුව තවත් අවස්ථා දෙකක දී සති දෙකකට වැඩි කාලයක් ද මේ ආයතන වෙත ලැබී ඇති බවත්, තොරතුරු වෙනස් කිරීම, කල් ගැනීම සහ තොරතුරු සැඟවීම සඳහා එමගින් විශාල ඉඩක් නිර්මාණය වී ඇතැයි Free Lawyers සංවිධානය සඳහන් කරයි.

  • English Language First Term Modules Grade 6 කෘතියට Free Lawyers විරෝධය දක්වති

    ජාතික අධ්‍යාපන ආයතනය මගින් 2025 වසරේ ප්‍රකාශිත English Language First Term Modules Grade 6හි අඩංගු කරුණු සහ ක්‍රියාකාරකම් දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති, අපරාධ විධි විධාන සංග්‍රහය, අසභ්‍ය ප්‍රකාශන පනත සහ ජාතික ළමා ආරක්ෂක පනතේ විධි විධාන උල්ලංඝනය වන බව Free Lawyers  සංවිධානය සඳහන් කරයි කරයි. 

  • Free Lawyers වි.වි.ප්‍ර.කො. සභාවට එරෙහිව නඩු මගට 

    විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව  Free Lawyers සංවිධානය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.

  • ඇමති ආනන්ද විජේපාල ඉල්ලා අස්විය යුතු යි - Free Lawyers සංවිධානය

    නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහු ගේ බිරිඳ ඝාතනය කිරීමත්, ඉන් පසුව කිසිදු විමර්ශනයකින් තොරව ඔහුට පාතාල ලේබලය ඇලවීමත් පිළිබඳ වගකීම අමාත්‍ය ආනන්ද විජේපාල විසින් දැරිය යුතු බවත්, ඔහු සිය අමාත්‍ය ධුරයේ වගකීම දැරීමට අසමත්වීම සම්බන්ධයෙන් වගකීම බාරගත යුතු අතර, ඔහුට වහා ඉල්ලා අස්වන ලෙස බල කරමින් Free Lawyers සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.

  • දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය කනස්සල්ල පළ කරයි

    රජය විසින් ගැසට් කරන ලද 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ වන ඇප සම්බන්ධයෙන් වන යෝජිත සංශෝධන පිළිබඳ ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සිය දැඩි කණස්සල්ල පළ කර ඇත.

  • නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිත පිරිසක් ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි හමුවෙති

    විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ (දිනන දකුණ සාමූහිකය,ෆ්‍රී ලෝයර්ස්) නියෝජිත පිරිසක් ඊයේ (16) පන්නිපිටිය, රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහාවිහාරයේ දී කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ බැහැ දුටහ.

  • නීතිපතිවරයාට සහාය පිණිස නීතිඥවරුන් රැසක් නීතිපති දෙපාර්තමේන්තුවට

    නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහට සහය පළ කිරීම සඳහා “Free Lawyers ” සංවිධානයේ නීතිඥවරුන් 75 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණ නීතිපතිවරයා සමග ඊයේ (21දා) දින සාකච්ඡාවක් පවත්වා තිබේ.

  • විනිසුරුවරුන් ගේ සේවා කාලය දීර්ඝ කිරීමට අපි විරුද්ධයි - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය

    විනිසුරුතුමන්ලා ගේ අනිවාර්ය විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡාවට දැන් දින 43ක් ගත වී ඇති බවත්,  මේ වන විට: ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කොළඹ නීතිඥ සංගමය, බදුල්ල නීතිඥ සංගමය ඇතුළු දිස්ත්‍රික්ක් සංගම්, නීතිඥ එකමුතුව (ලෝයර්ස් කලෙක්ව්), පොදු රාජ්‍ය මණ්ඩලීය නීතී සංගමය, ආසියානු නීතිඥ සංගමය, අධිකරණ සේවා සංගමය ඇතුළු සියලු දෙනා සේවා දිගුවක් ලබා දීමට සහ විශ්‍රාම වයස ඉහළ දමනවාට විරුද්ධයි යැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න