අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට දැඩි විරෝධය පළ කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් අද (12) අදහස් දැක්වීමක් සිදු කළා.
22වන ව්‍යවස්ථා සංශෝධනය යනු කිසිසේත් සිල්ලර කාරණයක් නොවන බවත්, අපි මෙතෙක් දුරට භුක්ති විඳි සහ අගය කළ ප්රජාතන්ත්රවාදී සංස්කෘතිය, මිනිස් අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කරගන්නවා ද, එසේත් නොමැති නම් ඒ සියල්ලක්ම විනාශ වීමට අපි ඉඩ තියෙනවාද යන ප්‍රශ්නයට අද අපි අද මුහුණ දී ඇතැයි ජනතාවාදී විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින්, ඒ වෙනුවට අලුත් පනතක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට පොරොන්දු වී ඇති බවත්, මෙම පනත සාධාරණීකරණය කිරීමට නොහැකි බව රජය බොහොම පැහැදිලිව පිළිගෙන ඇති බවත්, එසේ වුව ද නව පනත යටතේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට කිසිසේත් හැකියාවක් නොමැති බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසී ය.
විසි දෙවැනි (22) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තීරණාත්මක නඩු විභාගයේ දී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ සිය කරුණු දැක්වීමේදී බුද්ධ ධර්මය පිළිබඳව සඳහන් කළ අවස්ථාවේ දී ඊට පිළිතුරු දෙමින් තමන් තීරණ ගනු ලබන්නේ නීතිය පදනම් කරගෙන මිස බෞද්ධ ඉගැන්වීම් පදනම් කරගෙන නොවන බව අග්‍රවිනිශ්චකාරතුමා පැවසීම බුද්ධ ධර්මය නොසලකා හැරීමක් වනවා සේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට සහ අධිකරණ තීන්දු මගින් ඊට දී ඇති අධිකාරී තීන්දුවලට පරස්පර යැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී ඒල්. පීරිස් සඳහන් කරයි.
රටේ මේ වනවිට උද්ගත වී තිබෙන වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කළා යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
වෙනත් රටවල සිටින විදේශ ඇමතිලා සහ ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති දෙස බැලූ විට මේ ආණ්ඩුව කරන්නේ මොනවා දැයි සිතෙන්නේ යැයි හිටපු අමාත්‍ය ජී. ඒල්. පීරිස් පැවසී ය.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ ඊයේ (08) අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
ජනාධිපතිවරයකු ගේ කටයුතුවල නිල නොනිල භාවයක් පිළිබඳ වර්තමානයේ ගැටලුවක් ඇති වි තිබෙන බවත්, එය සපුරා ම මිථ්‍යාවක් බවත් හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් පැවසී ය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වෙනි සංශෝධනය ගැසට් කර ඇති බවත්, දිවි හිමියෙන් ප්රජාතන්ත්රවාදී නීත්‍යානුකූල රාමුවක් තුළ එම සංශෝධනය පරාජය කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරනකරන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් රචිත 'The Sri Lanka Peace Process' (ශ්‍රී ලංකා සාම ක්‍රියාවලිය) කෘතිය පිළිබඳව වන් ටෙක්ස්ට් ඉනිෂියේටිව් (One Text Initiative) ආයතනය විසින් ඊයේ (12 වනදා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සංවිධානය කරන ලද සුවිශේෂී සම්මන්ත්‍රණයට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණි.
ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට ඉතාමත් සුළු පිරිසක්, 10 දෙනෙක් 12 දෙනෙක් පමණ, ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් පෝස්ටර් අල්ලාගෙන නීතිඥ සංගමය සහ එහි සභාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය විවේචනය කළ බවත්, එය තරයේ හෙළා දකින බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්යේ කැඳවුම්කරු වන මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
යෝජිත ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියේ v වැනි උප වගන්තිය සංශෝධන කළ හොත් චිරාත් කාලයක් මෙරට ආරක්ෂා කරගත් ප්රජාතන්ත්රවාදී සංස්කෘතිය සහ ආයතන සියල්ලක් ම සම්පූර්ණයෙන් ම විනාශයට පත්වන්නේ යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
අධිකරණ ඇමතිවරයා, පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංවිධානයට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව අද පුවත්පත්වල ප්‍රධාන පුවත ලෙස පළ වී ඇතැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසී ය.
අපේ රටේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳව ඉතාමත් භයානක තත්ත්වයක් ඇති වෙලා තිබෙන බවත්, මාස දෙකක් තුළ බරපතළ සිද්ධි දෙකක් මීගමුව හා මහර බන්ධනාගාර තුළ සිදු වුණ බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) සහ ජනතාවාදී එකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජි.එල්.පිරිස් අතර හමුවක් පසුගිය (21)වන දා ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ දී පවත්වා තිබේ.
විනිසුරුවරුන් ගේ වැඩ කරන කාලය අවුරුදු දෙකක් දීර්ඝ කිරීම පිළිබඳ කතිකාවක් සමාජයේ ඇති වී තිබෙනන බවත්, ඒ පිළිබඳ විවිධ ප්රශ්නසහ ගැටලු විවාදයට භාජනය වෙලා තිබෙන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

