අපේ විදෙස් ප්‍රතිපත්ති පිළිබඳව ජී. ඇල්. ගේ අදහස

අපේ විදෙස් ප්‍රතිපත්ති පිළිබඳව ජී. ඇල්. ගේ අදහස

වෙනත් රටවල සිටින විදේශ ඇමතිලා සහ ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති දෙස බැලූ විට මේ ආණ්ඩුව කරන්නේ මොනවා දැයි සිතෙන්නේ යැයි හිටපු අමාත්‍ය ජී. ඒල්. පීරිස් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානයේ පැවැති ඒකා බද්ධ විපක්ෂ නියෝජිතයින් ගේ හමුවේ දී ය.

මෙම අවස්ථාවට: දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, නිමල් සිරිපාල, සාගල රත්නායක, ඩී. වී. චානක  සහ ටිරාන් අලස් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

එම අවස්ථාවේ දි අදහස් දැක්වූ ඩී. වී. චානක...

තෙල් මිල වැඩි කළේ  ගල් අඟුරුවලින් උණ පාඩුව වහගන්න ද...?

''ආණ්ඩුව හිටිහැටියේ ම  ඊයේ රාත්‍රියේ තෙල් මිල වැඩි කළා. මේකේ සම්පූර්ණ වාසිය ගියේ පිරවුම් හල් හිමියන්ට. මේ ආණ්ඩුව හැමදාම කළේ ව්‍යාපාරිකයාට වාසි වෙන දේවල්. 31වෙනි දා තමයි සාමාන්‍යයෙන්  මිල සූත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. දින හතළිස් එකකට සංචිත තියෙනවා කියලා සඳහන් කළා. අද තමයි අලුත් මිලට තෙල්  නැවක් එන්නේ.  පරණ තිබුණු සංචිත  මිල වැඩි කරලා විකුණුවේ  ගල් අඟුරුවලින් උණ පාඩුව වහගන්න ද කියලා සැකයක් තිබෙනවා. විදුලි බල මණ්ඩලය කොටස්වලට කැඩීමට විරුද්ධ ම පිරිසක් තමයි අද ඒ දේ කරලා තියෙන්නේ. වෙනද රන්ජන් ජයලාල් කළේ  මොනව හරි කියපු ගමන් ඔතන ගිනි තියා ගත්ත එක. අද නගරාධිපති උණ ගමන් සියලු දේ අමතකයි. විදුලි බල මණ්ඩ සේවකයෝ  අද විරෝධතාවල.''

එහි දී අදහස් දැක්වූ මහින්ද අමරවීර,

විපක්ෂයේ ප්‍රධාන බලවේගය අපි හදල ඉවරයි

''ආණ්ඩුවට විශාල විරෝධයක්  තියෙනවා රටේ ජනතාවගෙන්. ඒ වෙනුවෙන් එකතුවීමේ සටනක් තමයි මේ. ඉතාමත් හොඳ සාර්ථක සාකච්ඡාවක් පැවැත්තුවා. සියලු පක්ෂ මුණ ගැසීම සිදුවුණා.  ආණ්ඩුවේ වංචාවට, දූෂණයට එරෙහිවත් විපක්ෂයක් විදිහට පුළුල් සන්ධානයක් ගොඩනගන්නේ කොහොමද කියල අපි සාකච්ඡාවකින් පසු එකඟතාවයකටට පැමිණියා. ප්‍රධාන පුළුල්ම විපක්ෂයේ බලවේගය හදන්න අපිත් තීරණයක් ගත්තා ..ඉදිරි දින දහය ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡා නොකළ සට කණ්ඩායම් සමඟ සාකච්ඡා කරලා..පුළුල් බලවේගයක් ඇති කරන්නට ..මෙතන කිසිදු නායකයෙක් නැහැ සියලු දෙනා එකයි ..

සියලු ම ක්ෂේත්‍රවල මිල වැඩි වේවි

ඊයේ බොර තෙල් මිල 119 ට ගියා. අද උදේ වෙනකොට ඒක අසූ ගානකට අඩු වෙලා තිබුණා. නමුත් ලංකාවේ වෙළඳපොලේ තෙල් මිල වැඩි කරලා. දින හතළිහකට සංචිත තියෙනවා කියපු ආණ්ඩුව තමයි තෙල් මිල වැඩි කළේ. 31වෙනිදාට තමයි සංශෝධනය විය යුත්තේ. තනිකරම සෙඩ් හිමියන්ට වාසි වන ලෙස තමයි මේ කටයුතු කළේ. මේ සමගම සියලු ම ක්ෂේත්‍රවල මිල වැඩිවීම් සිදුවේවි. ගොවියට ධීවරයාට විශාල වශයෙන් මෙය දැනේවි.'' 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න