අකුරැස්සෙදිත් ජනාධිපතිතුමා 4G කුලුනු 1000ක් හදන කතාව කිව්වා.
ඒක අහන කෙනෙක්ට හිතෙන්න පුළුවන්, ගම්වලට 4G ගෙනියන මේ වැඩේ දැන් තමයි පටන්ගන්නේ කියලා.
හැබැයි ඇත්ත කතාව ටිකක් වෙනස්.
ගම්වල signal අඩු තැන්වලට 4G ගෙනියන්න “ගමට සන්නිවේදනය” කියන වැඩසටහන පටන්ගෙන තියෙන්නේ 2019දී.
ඒ යටතේ මුලින් tower sites 276ක් හඳුනාගෙන තිබුණා.
2024 ජනවාරි වෙද්දි ඒවගෙන් 57ක් on-air කරලා තිබුණා.
2026 පෙබරවාරි වෙද්දි රජයේම Cabinet තොරතුරු අනුව towers 83ක් හදලා service දීලා තිබුණා.
ඒ කියන්නේ ගම්වලට 4G tower හදන වැඩේ මේ ආණ්ඩුවෙන් මුලින්ම පටන්ගත්ත එකක් නෙවෙයි.
හැබැයි වර්තමාන ආණ්ඩුව කරපු දෙයක් තියෙනවා.
මේ පරණ project එක ඉක්මන් කරන්න, tower එකක් හදන mobile company එකකට දෙන සහනය වැඩි කරලා තියෙනවා.
උපරිම රුපියල් මිලියන 35ක් දක්වා, නැත්නම් හදන්න ගිය වියදමෙන් 75%ක් දක්වා සහනයක් දෙන්න තීරණය කරලා තියෙනවා.
ඒක හොඳ දෙයක්. වැඩේ වේගවත් වෙනවා නම් ඒකට credit එක දෙන්න ඕන.
හැබැයි දැන් ප්‍රශ්නය වෙන තැනක.
ජනාධිපතිතුමා කියන්නේ අවුරුදු 3ක් ඇතුළත towers 1000ක් හදනවා කියලා.
නමුත් TRCSL එකේම තවත් තොරතුරුවල 2029 වෙද්දි “ගමට සන්නිවේදනය” යටතේ towers 600ක් වගේ ගානක් සඳහන් වෙනවා.
එතකොට මේ 1000 කියන්නේ මොන towers ද?
පරණ 600 target එක 1000ට වැඩි කළාද?
නැත්නම් private mobile companies සාමාන්‍යයෙන් හදන towersත් මේ ගානට එකතු කරලද?
නැත්නම් “ගමට සන්නිවේදනය” project එකත් වෙනත් network projects ටිකත් එකට දාලද 1000 කියන්නේ?
මේක ජනතාවට පැහැදිලිව කියන්න ඕන.
මොකද ලොකු ගානක් කියන එක ලේසියි.
1000 කිව්වම ඇහෙන ගානත් ලොකුයි.
හැබැයි අපි බලන්න ඕන ඒ ගාන නෙවෙයි.
කීයක් ඇත්තටම අලුත් towers ද?
කීයක් හදලා අවසන් කරලාද?
කීයක් on-air ද?
කීයක් signal නැති ගම්වලට ඇත්තටම Service දෙනවද?
සරලවම කියනවා නම්,
4G towers හදන වැඩේ පරණයි.
2019 ඉඳන් project එක තියෙනවා.
2024 වෙද්දි 57ක් on-air.
2026 පෙබරවාරි වෙද්දි 83ක් service දීලා.
වර්තමාන ආණ්ඩුව මේ වැඩේ වේගවත් කරන්න funding වැඩි කරලා.
දැන් 1000ක අලුත් target එකක් කියනවා.
ඒ නිසා මේක “අපි තමයි මුලින්ම ගම්වලට 4G ගෙනාවේ” කියන කතාවක් කරගන්නත් බෑ.
ඒ වගේම “මුන් කිසිම දෙයක් කරලා නෑ” කියන එකත් හරි නෑ.
ඇත්ත තියෙන්නේ මැද.
පරණ project එකක් තියෙනවා.
මේ ආණ්ඩුව ඒක තල්ලු කරනවා.
දැන් ලොකු target එකක් දාලා තියෙනවා.
දැන් අපිට බලන්න තියෙන්නේ කතා නෙවෙයි.
2027 අවසන් වෙද්දි කියපු towers 250 ඇත්තටම හදලා on-air කරලා තියෙනවද කියන එකයි.
සටහන - Shehan Thathsara Gamage
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
