රටේ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් අතර විශේෂ හමුවක් අද (10) පෙරවරුවේ කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුවා.
යෝජිත ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියේ v වැනි උප වගන්තිය සංශෝධන කළ හොත් චිරාත් කාලයක් මෙරට ආරක්ෂා කරගත් ප්රජාතන්ත්රවාදී සංස්කෘතිය සහ ආයතන සියල්ලක් ම සම්පූර්ණයෙන් ම විනාශයට පත්වන්නේ යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල ශ්‍රී ලාංකීය බන්ධනාගාර ඉතිහාසයේ සිදු වූ බියකරුම සිදුවීම් අතරින් එකක් බවත්, මේ වන විට මියගිය සංඛ්‍යාව 33ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට රැඳවියන් 23 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙක් ඇතුළත් වන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
අපේ රටේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳව ඉතාමත් භයානක තත්ත්වයක් ඇති වෙලා තිබෙන බවත්, මාස දෙකක් තුළ බරපතළ සිද්ධි දෙකක් මීගමුව හා මහර බන්ධනාගාර තුළ සිදු වුණ බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
විනිසුරුවරුන් ගේ වැඩ කරන කාලය අවුරුදු දෙකක් දීර්ඝ කිරීම පිළිබඳ කතිකාවක් සමාජයේ ඇති වී තිබෙනන බවත්, ඒ පිළිබඳ විවිධ ප්රශ්නසහ ගැටලු විවාදයට භාජනය වෙලා තිබෙන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

