රටේ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් අතර විශේෂ හමුවක් අද (10) පෙරවරුවේ කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුවා.
මෙම අවස්ථාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින්:
මහාචාර්ය ජී.එල්. පීරිස්
ඩී.වී. චානක
උදය ගම්මන්පිල
ටිරාන් අලස්
සාගල රත්නායක
මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් සහභාගී විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශවයෙන් එම පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක් වූ අතර මෙහිදී ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ගොඩනැගීමට නියමිත නව දේශපාලන සන්ධානය පිළිබඳව සහ වත්මන් පාලනයට එරෙහිව ගත යුතු ඒකාබද්ධ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
