#nalindajayathissa

  • 'Be Connected. Stay Well' ජාතික ව්‍යාපාරය ආරම්භ කෙරේ

    ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් “යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න” (“Be Connected. Stay Well.”) නමින් ජීවිතයේ සියලු අදියරවල පුර්ණ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ව්‍යාපාරයක් පෙරේදා   (17) සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේ පැවැත්වූ උත්සවයක දී ආරම්භ කළේ ය.


    වැඩසටහනෙහි ප්‍රමුඛ අරමුණ

    මෙය ළදරුවන් සිට වයස්ගත වැඩිහිටියන් දක්වා භෞතික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහ පැවැත්ම උදෙසා ක්‍රියාත්මකවන වැඩසටහනකි. මෙම ව්‍යාපාරය මගින් ජනතාව සෞඛ්‍ය සපිරුණු ජීවිත රටාවන් පිළිබඳව උනන්දු කරමින්, තමන්, තම පවුල, තම මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමග සබඳතාව වර්ධනය කිරීමට උනන්දුවක්  කිරීමක් සිදු කරනු ලබයි. ඒමෙන් ම තමන්, තම පවුල, මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමග යහපත් සම්බන්දතාවයක් පවත්වාගැනීම තුළින් යහ පැවැත්ම  ප්‍රවර්ධනය  කිරීම මෙම ජාතික වැඩසටහනේ  මූලික අංගයයි. ජනතාව අතර ඒ පිළිබධව අවබෝධයක් ඇතිකිරීම සහ ඔවුන්ව ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ද  මෙයට ඇතුළත් වේ.


    31 වන සභාපතිනිය වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි

    මෙම වැඩසටහන දියත් කිරීමේ උත්සවයේ දී ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් එම සංගමයේ 31 වැනි සභාපතිවරිය ලෙස විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි තෝරා පත්කර ගැනීම ද සිදු කෙරිණි.

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විද්‍යාලයේ 31 වන සභාපතිනිය ලෙස පත් වු වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලිට සුබ පැතුම් එක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඇයගේ නායකත්වය යටතේ, විද්‍යාලය අඛණ්ඩව වර්ධනය වී මෙරට මහජන සෞඛ්‍යයට කල් පවතින දායකත්වයක් ලබා දෙනු ඇතැයි විශ්වාසය තබන බව මෙහි දී පැවැසී ය. ඉදිරි සෞඛ්‍ය අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය වැදගත් කාර්යභාර්යක් ඉටුකරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    මෙරට මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලොවට ම ආදර්ශයක්

    මෙරට සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සියලු ම සාමාජිකයින් කැප වෙමින් සහ ලොව පුරා ගෞරවයට පාත්‍ර වෙමින් මාතෘ සහ ළමා සෞඛ්‍යය, ප්‍රතිශක්තිකරණය සහ රෝග පාලනය යනාදි ක්ෂේත්‍රවල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරදීමට ඉහළ දායකත්වයක් ලබාදෙන බව ද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙරට මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලොවටම ආදර්ශයක් ලබාදී ඇති බවත්, නව්‍යකරණය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය සහ ප්‍රජා අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් සමඟින් ප්‍රජාවට සේවය කළ හැකි බව පෙන්වා දී ඇති බව ද  පැවැසී ය.

    අපගේ ජාතික සංවර්ධන ඉලක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රය කේන්ද්‍රීයව පවතින බවත්, එය සේවාවක් ලෙස පමණක් නොව සමාජීය හා ආර්ථික ප්‍රගතිය සඳහා පදනමක් බව ද අවධාරණය කළ අමාත්‍යවරයා, සෞඛ්‍ය අංශ හරහා රෝග වැළැක්වීමේ සත්කාර ශක්තිමත් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් ගොඩනැගීමට සෞඛ්‍ය වෘත්තිකයින් කැපවී සිටින බව ද පැවැසී ය.


    සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා පුළුල් අවබෝධයක්

    ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය එම වැඩපිළිවෙළේ දී  වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්ව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළේ දී නායකත්වය, විශේෂඥතාව සහ ක්ෂේත්‍ර මට්ටමේ දැනුම අත්‍යවශ්‍ය වන  බවත් එම කටයුතු ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය මගින් සපුරාලන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය. ඉදිරි සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා උපාය මාර්ග සහ යහපැවැත්ම පිළිබඳ පුළුල් අවබෝධයක් අවශ්‍ය බවත්, එහි දී  ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, රෝග වැළැක්වීමේ සත්කාර, ප්‍රජා සහභාගීත්වය සහ සාක්ෂි මත පදනම් වූ පුහුණුව පිළිබඳ වූ විශේෂඥතාව එහිදී මූලික වන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  වෛද්‍ය නිහාල් අබේසිංහ, හිටපු අමාත්‍ය වෛද්‍ය  සුදර්ශණී පුනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ හිටපු සභාපති වෛද්‍ය කපිල ජයරත්න, ලේකම් වෛද්‍ය ඒ.එස්. සන්තුෂ්‍ය ප්‍රනාන්දු යන අය ඇතුළු ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සාමාජිකයින් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ.

     (දීප්ති විජේතුංග) 

     

     

    nlnd

  • 'කිසිදු ආකාරයක මාධ්‍ය වාරණයක් නැහැ' - ජනමාධ්‍ය ඇමති

    කිසිඳු ආකාරයක මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියි.

  • 4D ඇන්ජියෝ CT පද්ධතිය සහිත ඒකකයක් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්ථාපිත කෙරේ

    ජපන් රජයේ රුපියල් මිලියන 1000 කට අධික මුල්‍ය පරිත්‍යාගයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්ථාපිත කළ අතිනවීන තාක්ෂණයෙන් යුත් 4D Angio CT suite (4D ඇන්ජියෝ CT පද්ධතිය සහිත ඒකකය) සහ අංග සම්පූර්ණ නවීන දන්ත සෞඛ්‍ය ඒකකය (Dental Health Unit) ප්‍රතිකාර සේවා සඳහා එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (H.E. Akio Isomata) ගේ සහභාගීත්වයෙන් ඊයේ (24) එම රෝහල් පරිශ්‍රයේ දී සිදුකෙරිණ.

  • අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

    රජයේ ඖෂධවේදී වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටලු කිහිපයක් සඳහා විසදුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

  • ඔන්ඩන්සෙට්රෝන් ඖෂධය නැවැත්තුවා මරණ දෙක ගැන පරීක්ෂණ පවත්වනවා – ඇමැති නලින්ද

    ඔන්ඩන්සෙට්රෝන් (Ondansetron) නම් ඖෂධය භාවිතාවෙන් පසු ඇති වූ සංකූලතා කිහිපයක් නිසා එම ඖෂධය භාවිතා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සම්පූර්ණයෙන් නතර කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

    පසුගිය සෙනසුරාදා සිට මේ ඖෂධය ලංකාවේ භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කළ බවත් අයිඩීඑච් රෝහලේ සිදුව ඇති මරණ දෙක ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් පරීක්ෂණ සිදුකරන බවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති නලින්ද ජයතිස්ස කීවේය.

    එසේම මේ ඖෂධයේ සංකූලතා ගැන ජාතික වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ රසායනාගාරවල පරීක්ෂණ සිදුකරගෙන යන බවද ඇමැතිවරයා කීවේය. මේ සිදුව ඇති මරණ දෙක ගැන මේ සමග ඇති සම්බන්ධය කුමක්ද යන්න ගැන වෙනම පරීක්ෂණයක් සිදුවන බවද ඔහු සඳහන් කළේය.

    2021 වසරේ ඇණවුමක් මත 2025දී සහ 2024 ඇණවුමක් මත 2025දී ගෙන්වූ ඖෂධවල සාම්පල් හතරක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය අති බවද ඇමැති නලින්ද ජයතිස්ස මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් කීවේය.


    (divaina | ශ්‍යාම් නුවන් ගනේවත්ත)


  • කන්ටේනර් නිදහස් කිරීම හා කැබිනට් සංශෝධනය අතර සබඳතාවක් නෑ - කැබිනට් ප්‍රකාශක

    කන්ටේනර් නිදහස් කිරීම හා අමාත්‍ය මණ්ඩල සංශෝධනය අතර කිසිම සම්බන්ධතාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස  පැවැසිය.

    "මම හිතන්නේ මාධ්‍ය යේ ඉන්න ඔබ අර විපක්ෂයේ ඉන්න සජිත්ට දයාසිරිට වඩා බුද්ධිමත් වෙන්න ඕන කියලා. ඒ මොකද කන්ටේනර් සිදුවිමයි අමාත්‍ය මණ්ඩල‍ සංශෝධනයයි අතර කිසිම සම්බන්ධයක් නෑ. කන්ටේනර් සිදුවීමයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි ගැන අපි කථා කරලා තියෙනවා. ඒ සිදුවිම ගැන පරික්ෂණ කමිටුවක් දැම්‍මේ ජනපතිවරයා."


    (ada)

     

     

  • ජනතාව ගේ සෞඛ්‍යයට වඩා ඉහළ කිසිදු ලාභයක් නැහැ - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

    රජය කිසිදු ආර්ථික ලාභයක් හෝ කර්මාන්තමය වාසියක් ජනතාව ගේ සෞඛ්‍යයට වඩා ඉහළින් නොතබන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.

  • ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා ගේ 66 වන උපන් දිනය අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්

    ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා ගේ 66 වන උපන්දිනය සහ ජපන් ජාතික දිනය වෙනුවෙන් වූ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් මෙරට ජපන් තානාපති නිල නිවසේ දී පැවැත්විණි.

  • දිස්ත්‍රික් 14ක ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානය

    ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම මැඩපැවැත්වීමට අදාළ ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15)  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද  ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

  • නාමල්ගේ නීතිඥ උපාධිය ගැන ආණ්ඩුවට අභියෝගයක් !

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකොට එහි ප්‍රගතිය ජනතාවට ප්‍රසිද්ධි කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්සට තමන් අභියෝග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසයි.

  • ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තහනම් කරයි

    'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතය තාවකාලිකව තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබේ.

  • බංග්ලාදේශ නව අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්

    බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ නිල උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (17)  සහභාගි විය.

  • මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ නිලධාරීන් සහ රැඳවියන් ගේ සුවදුක් විමසා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජාතික රෝහලට

    මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා දැනට ශ්‍රී ලංකා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන් ගේ සහ රැඳවියන් ගේ සුවදුක් විමසා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (07) පස්වරුවේ ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත ගියේ ය. 

  • රසායනාගාර සේවාව රෝගී සත්කාරයේ ප්‍රධාන කුලුනක්; රසායනාගාර වාර්තාවක් පිටුපස ඇත්තේ මිනිස් ජීවිතයක් - අමාත්‍ය නලින්ද ජයතිස්ස

    නිවැරදි රසායනාගාර වාර්තාවක් මගින් රෝග විනිශ්චය, සංකූලතා වැළැක්වීම, ප්‍රතිකාර නිරීක්ෂණය සහ ජීවිත බේරාගැනීම සිදු වන බැවින් සායනික රසායනාගාරය යනු සරල උපකාරක සේවාවක් නොව, රෝගී සත්කාරයේ ප්‍රධානතම කුලුනක් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.

  • රාජ්‍ය සේවයේ හැමෝ ම හොරු නෙවෙයි - අමාත්‍ය නලින්ද ජයතිස්ස

    රාජ්‍ය සේවයේ අති බහුතරයක් අදූෂිත, සොරකම් සිදු නොකරන සහ  එවන් කටයුතු සඳහා දායක නොවන බවත්,  ඉතා සුළු පිරිසක් දුෂණ සහ ඊට අදාළ චෝදනාවලට ලක්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

  • විජය කුමාරතුංග රෝහලේ සේවා තවදුරටත් පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්, 

  • විශේෂඥ වෛද්‍යවරු ජනවාරි 31 වනතුරු බලා සිටිති

    විශේෂඥ වෛද්‍යවරුන්ට වෙනමම සේවා ව්‍යවස්ථාවක් සැකසීම එළැඹෙන (2026) ජනවාරි 31 වැනිදාට පෙර සිදුකරන බවත් ඊට අමතරව වැටුප්, ස්ථාන මාරුවීම් ඇතුළු අනෙකුත් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බවටත් සෞඛ්‍ය ඇමැතිවරයා පොරොන්දු වූ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම්  පැවැසීය.

  • විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක්

    විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න