#Shani Abeysekera

  • පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සැඟවූ ආරක්ෂක ප්‍රධානියෙක් ගැන විමර්ෂණ අරඹයි

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට බාධා වන අයුරින් තීරණාත්මක සාක්ෂි කිහිපයක් සැඟවූ බව අනාවරණය වී ඇති ආරක්ෂක අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    ප්‍රහාරයේ සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දීර්ඝ විමර්ශනයක් සිදු කරමින් සිටින අතර, එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ආරක්ෂක අංශ ප්‍රධානියා මෙසේ සාක්ෂි සැඟවී­මට කටයුතු කිරීම මෙන්ම තමන් යටතේ සිටි නිලධාරීන්ට සාක්ෂි වෙනස් කිරීමට සහය දීමද සිදු කර ඇති බවයි.

    මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ ආරක්ෂක අංශ ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමි­තය. 2019 අප්‍රේල් 21 වැනිදා සිදු කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගල­යන් 300කට අධික පිරිසකගේ ජීවිත අහිමි විය.

    මේ පිළිබද අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කළ අතර, පසුගිය කාලයේදී එම විමර්ශන අඩාළ කිරීම පිළිබද චෝදනා රැසක් එල්ල විය.

    2019 නොවැම්බර් මාසයේදී මේ පිළිබඳ විමර්ශන කළ විශාල පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට වෙනත් රාජකාරි සදහා රට පුරා පොලිස් ස්ථානවලට අනුයුක්ත කරනු ලැබූහ.

    ඉන් පසු එම විමර්ශන භාර ව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර අත්අඩංගුට ගන්නා ලද අතර, මේ වනවිට යළිත් අදාළ විමර්ශන භාරව සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානි අබේසේකර ය.

  • රංග දිසානායක සහ නන්දන ගුණතිලක: නියෝජ්‍ය ඇමතිට අනුර ගෙන් කණේ පහරක්! | සරෝජ් පතිරණ

    මීට සති කිහිපයකට කලින් රනිල් පාක්ෂික හිටපු ඇමති කෙනෙකුගෙන් ජාජබ නියෝජ්‍ය ඇමති කෙනෙකුට කෝල් එකක් ආව.

    හිටපු ඇමති ඒ වෙලාවේ හිටියේ හැංගිලා.

    කොහොම හරි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට කතා කරලා මාව බේරල දෙන්න කියල හිටපු ඇමති නියෝජ්‍ය ඇමතිගෙන් බැගෑපත්ව ඉල්ලලා.

     

    Ranga Disanayaka රංග දිසානායක


    නියෝජ්‍ය ඇමැතිත් දෙපාරක් හිතන්නේ නැතුව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තුමාට කෝල් එකක් දීල.

    ඊට පස්සේ තමයි ලස්සනම කතාව.


    නියෝජ්‍ය ඇමතිට දවස් දෙකක් නවලෝකේ නවතින්නත් සිද්ද වුණා...




    ආයේ කවදාවත් මේ වගේ කෝල් දෙන්න එපා කියල නියෝජ්‍ය ඇමතිටත් තරයේ අවවාද කරලා, මේ කතාව ජනාධිපතිතුමාට කියන්න වෙන බවත් දැනුම් දීල රංග දිසානායක කෙලින්ම කෝල් කරලා තියෙන්නේ අනුරට.

     



    හැරෙන තැපෑලෙන් අනුරගෙන් ආපු කෝල් එක නිසා අන්තිමට නියෝජ්‍ය ඇමතිට දවස් දෙකක් නවලෝකේ නවතින්නත් සිද්ද වුණා!

    හිටපු ඇමති කවුද, නියෝජ්‍ය ඇමති කවුද කියල නම් නොකියන්නේ මාධ්‍ය ආචාර ධර්මවල විදියට එයාලටත් Right to Reply අයිතියක් තියෙන නිසා.

    නමුත් ඒ තමයි රංග දිසානායක කියන්නේ.

    කාගෙන්, කොයි විදියට බලපෑම් ආවත් මම දන්නා තරමින් අද වෙනතුරුම නොසැලී කෙලින්ම නීතිය ක්‍රියාවට නගන නිලධාරියෙක්.

    රට පුරා දූෂණය, වංචාව ඔඩු දුවද්දී, රටේ දැවැන්ත අපචාර සිද්ද වෙද්දී, මහ බැංකුව කොල්ල කද්දී, දේශබන්දු ල කුඩු බිස්නස් කරද්දී නොදැක්ක වගේ හිටපු නන්දන ගුණතිලක ල, මහින්ද පතිරණ ල වගේ අය දැන් තැතිගැනිල ඉන්නේ ඒ නිසා.

     

    nandana 20250929නන්දන ගුණතිලක


    රංග දිසානායකට විරුද්ධ නන්දන ගුණතිලකගේ ප්‍රහාරයේ සැබෑ අරමුණ....


    විශේෂයෙන්ම මුළු රටම දැවැන්ත ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවක "රට බේරගත්ත නායකයා" රටේ මිනිස්සුන්ගේ මුදල් රුපියල් කෝටි ගාණක් වියදම් කරලා wife ගෙ උපාධි උත්සවේකට රට සවාරි යාම ගැන රනිල් ලොක්කත් arrest කළාට පස්සේ කුපිත වුණ දූෂිත රනිල් - රාජපක්ෂ නඩේ බලන්නේ කොහොම හරි ජාජබ ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩසටහන කඩාකප්පල් කරන්න.

     

    ranil

    රංග දිසානායකට විරුද්ධ නන්දන ගුණතිලකගේ ප්‍රහාරයේ සැබෑ අරමුණ ඒක.

    නැත්නම් අපරාධකාරයෙක් කියල රටේ ඉහළම අධිකරණය තීන්දු කරපු දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පදවියට පත්කරන කොට, ලංකා ඉතිහාසයේ හිටපු කුප්‍රකටම නීතිපතිවරයෙක් වුණ සංජේ රාජරත්නම් ගේ ධුර කාලය දීර්ඝ කරලා අගවිනිසුරු පදවියට පත්කරන්න උත්සහ කරනකොට, අධිකරණ නියෝග පවා නොතකා පළාත් පාලන මැතිවරණය කල් දාන කොට, ටිරාන් අලස් දූෂිත VFS වීසා ගණුදෙණුව කරන කොට නන්දන ගුණතිලක ල, මහින්ද පතිරණ ල කොහෙද හිටියේ?

     

    mahinda pathiranaමහින්ද පතිරණ

    දැන් මගෙන් ප්‍රශ්න අහන former human rights activist නීමල්කා ප්‍රනාන්දු ඒ කාලේ කොහෙද කිටියේ? අරගලයේ පිහිටෙන් පිං ජනාධිපතිකමට ආපු රනිල් හමුදාවයි, කුලී හමුදාවයි දාල අරගලයට එලව, එලව ගහන කොට නිමල්ක කොහෙද හිටියේ?

    මේ ප්‍රශ්න මතු කළාම මගෙන් අහන්නේ ඒව නොකරන්න නේද මාලිමාව බලයට ගෙනාවේ කියල.

    ඔව්. මාලිමාවත් ඒවම කරනවා නම් පැහැදිලිවම ඒක වැරදියි.

    එහෙම වරදක් කරනවා දැකපු මොහොතේම ඒක වැරදියි කියන්න, හෙලා දකින්න මම නම් පැකිලෙන්නේ නෑ.



    ඒත් රංග දිසානායක එහෙම වරදක් කරලා තියෙනවද?




    ලොක්ක arrest කරපු නිසාත්, පෙන්ෂන් එක අවලංගු කරපු නිසාත් මාලිමාව එක්ක ලොකු වෛරයකින් ඉන්න (ජවිපෙ හිටපු ජනාධිපති අපේක්ෂක) නන්දන ගුණතිලක කියන විදියට මීට දශක ගණනකට කලින් රංග දිසානායක ජවිපෙ නීති කමිටුවේ හිටිය නම් ඒකෙ වරද මොකක්ද?

    රංග ජවිපෙ කමිටුවේ හිටිය නම්, ඔහු අධිකරණ සේවයට බැඳෙන්නේ ඒකෙන් ඉවත් වෙලාද? මහේස්ත්‍රාත්වරයෙක් සහ මහාධිකරණ විනිසුරුවරයෙක් විදියට රංග දිසානායක ගේ ක්‍රියාකලාපය ජවිපෙ ට පක්ෂපාතීද?

     



    ඒ ප්‍රශ්නවලට පිළිතුරු ඔව් නම්, එතෙන්දි ඔහු අල්ලස් කොමිසමේ ප්‍රධානියා විදියට පත්කිරීම වැරදියි.

    නමුත් රංග දිසානායකට මම දන්නා තරමින් එහෙම එක චෝදනාවක් වත් නෑ.


    හොරු රංචුවක් එකතුවෙලා ගෙනියන campaign එකක්....


    දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා හිටිය කියල කෙනෙකුට ආණ්ඩුවේ තනතුරක් දරන්න බැරිද? ලංකාවේ මීට කලින් කවදාවත් එහෙම කවුරුවත් ඉඳල නැද්ද? ඇත්තටම ඔය කියන "ස්වාධීන" මිනිස්සු ලංකාවේ ඉන්නවද?

    ආයෙත් කියන්නේ මේක සහමුලින්ම ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න හොරු රංචුවක් එකතුවෙලා ගෙනියන campaign එකක්.

    මේ සටහනෙන් මම කියන්න හදන්නේ මාලිමා ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල හරි අනෙක් ක්‍රියාමාර්ග හරි සම්පූර්ණයෙන්ම නිවැරදියි කියන එක නෙවෙයි.
    විශේෂයෙන්ම හැම දූෂිතයෙක් පස්සෙම යන ආණ්ඩුව අඩු ගානේ ටිරාන් අලස් ගේ නම කියන්න පවා බයවීම ගැන මටත් ලොකු විවේචනයක් තියෙනව.



    ඒ වගේම ත්‍රස්ත විරෝධී නීතිය දිගටම තියාගෙන ජනාධිපති අනුර පවා අහිංසක තරුණයෙක් මාස ගාණක් හිරකරගෙන හිටපු එක සම්පූර්ණයෙන්ම වැරදියි. හරි නම් අනුර ඇතුළු මාලිමාව ඒ තරුණයාගෙන් සමාව ගන්න ඕනේ; ඔහුට වන්දියක් ගෙවන්න ඕනේ. අනික මාලිමාව පොරොන්දු වුණා වගේ Online Safety Act එක අහෝසි කරන්න ඕනේ.

     

     

     

    ත්රස්ත විරෝධී නීතිය

    දූෂිතයින්ට විරුද්ධව යන මේ පාර වහල දාන්න ඉඩ දෙන්න බෑ....


    අනුර සහෝදරයා ඇතුළු මාලිමාව ආණ්ඩුව එක්ක මම එකඟ නොවෙන තැන් තියෙනව. නමුත් ඉතිහාසයේ කවදාවත් නොවූ තරමට මේ ආණ්ඩුව දූෂිතයින්ට
    දඬුවම් කිරීම අතින් ඉදිරියට ගිහින් තියෙනව; දූෂණයට වැට බඳිමින් ඉන්නවා. පහුගිය ආණ්ඩු කළා වගේ මේ ආණ්ඩුවේ ඉලක්කය හාල්මැස්සෝ විතරක් නෙවෙයි. කවද හරි දවසක ජනාධිපති අනුර ආපහු හැරෙන්න උත්සහ කළත්, දූෂිතයින්ට විරුද්ධව යන මේ පාර වහල දාන්න ඉඩ දෙන්න බෑ.

    ඒ වගේම තමයි නන්දන ගුණතිලක කියනවා වගේ රංග දිසානායක හරි, ශානි අබේසේකර හරි, රවී සෙනෙවිරත්න හරි ජවිපෙට විරුද්ධ චෝදනාවලින් ජවිපෙ බේරගන්න උත්සහ කළ බව සනාථ වුණොත් එදාට අපි ඔවුන්ට විරුද්ධවත් පැහැදිලිවම පෙනී ඉන්නවා.


    shani 20250929ශානි අබේසේකර


    | සරෝජ් පතිරණ
    බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

    (උපුටා ගැනීම - Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)

  • රණවිරු දඩයම් ක්‍රියා දාමයේ ප්‍රධාන ම  පුද්ගලයා ශානි අබේසේකර - සුගීෂ්වර බණ්ඩාර

    පුනරුද ආණ්ඩුව  විසින් තමන්ට ප්‍රතිවාදි මත දරණ දේශපාලන නායකයින්, රණවිරුවන්  ප්‍රබල ලෙස දඩයම් කරමින් සිටින අතර ඒ දඩයම් ක්‍රියා දාමයේ ප්‍රධානතම  පුද්ගලයා වවන්නේ ශානි අබේසේකර යැයි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක නාගරික මන්ත්‍රී පූජ්‍ය  වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේට කෝට්ටේ සංඝ සභාව විසින් අද දින පිරිනමන ලද ගෞරව සම්මාන උත්සවයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර...



    ආණ්ඩුව ස්වාධීන පොලිස් කොමිෂන් සභාව බෙලහීන කරලා
     

    ''දැවැන්ත චෝදනා රැසක් තිබිය දී ශානි අබේසේකර වැනි අයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස නැවත සේවා දිගුවක් ලබා දීම තුළින් පුනරුද ආණ්ඩුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදනවා කිව්වට දැන් මේ උත්සහා කරමින් සිටින්නේ වෛරී රටක් නිර්මාණය කිරීමට යි. පුනරුද ආණ්ඩුව  සමස්ත පොලිසීය දේශපාලනීකරණය කිරීම තුල  ලැජ්ජ විය යුතු යි.

    පොලිසීය දේශපාලනීකරණය කිරීමේ අතුරු ප්‍රතිඵල පුනරුද ආණ්ඩුවට ම තව නොබෝ දිනකින් අත්විදීමට සිදුවනවා. විශේෂයෙන්ම 2001 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යතුමා විසින් ස්ථාපනය කළ  ස්වාධීන පොලිස් කොමිෂන් සභාව බෙලහීන කර එහි බලතල පොලිස්පතිතුමාට ලබා දීම තුළින් ආණ්ඩුව උත්සහා කරන්නේ තමාට හිතවත් පොලිස් නිලධාරින්  එහි ස්ථාපිත කරන්න.


    කුරුණෑගල මහාධිකරණයෙන් ශානිට පාඩමක්


    ගෙවුණු 'පුනරුද' වසර තුල රටේ ජනතාවගේ ගැටලු එකක්වත් නොවිසඳුවට මේ වනවිට පොලිස් ස්ථානාධිපතිවරුන් සීයයකට ආසන්න ප්‍රමාණයකට නියමිත පරිදි කරුණු ගොනු නොකොට කිසිදු පරීක්ෂණයකින් තොරව ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ඔවුන් මේ වනවිට කිසිදු රාජකාරියක් නොමැති නිලධාරින් බවට පත් කරලා. මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය නිලධාරින්ගෙන් නිසි සේවයක් නොගෙන ඔවුන් සංචිතව තැබීම තුළ පුනරුද ආණ්ඩුව බලාපොරොත්තුවන්නේ කුමක්ද කියලා අපිට තේරුම් බැහැ.

    ඒ වගේම අවුරුද්දක් ගතවෙලත් පුනරුද ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂ ජනරාල් වරයකු පත් කරන්න. ඒ සඳහා එතුමන්ලා තෝරා ගෙන සිටින ප්‍රබන්ධන සූරී ශානි අබේසේකරට ඊයේ දිනයේ දී කුරුණෑගල මහා අධිකරණයෙන් හොඳ අවවාදක් ලැබුණා.  ඒ තමයි හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදය දෝෂ සහිත බව කුරුණෑගල මහා අධිකරණයේ ගරු විනිසුරුතුමන් විසින් ප්‍රකාශ කර සිටීම. කිසිදු පැහැදිලි සාක්ෂියක් නැතිව නිශාන්ත උළුගේතැන්න වැනි මේ රටේ ඒකිය බාවය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ නිළධාරින්ව අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන දින 90 කට වඩා වැඩි කාලයක් රදවා තබා ගත්තේ කාගේ අවශ්‍යයතාවයකට අනුව ද කියලා අපි ශානි අබේසේකරගෙන් වගේම මහජන ආරක්ෂක අමාත්‍යතුමන්ගෙන් ද ප්‍රශ්න කරනවා.


    මාලිමා ආණ්ඩුව යටතේ සමස්ත පොලීසිය ම දේශපාලණීකරණය වෙලා


    පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ව සිටි ශානි අබේසේකර වැනි පක්ෂග්‍රාහි දේශපාලනික චරිත සඳහා මේ වැනි වැදගත් තනතුරු ලබා දීලා නැවත 2025.10.10 වන දින සිට වසරක සේවා දිගුවක් ලබා දීලා තියෙනවා. අපි අහන්නේ ඔහුටම මේ තනතුර ලබා දෙන්නේ මේ රටේ ඊට වඩා දක්ෂ පොලිස් නිලධාරින් නැද්ද. එතුමා සම්බන්ධව විවිධ චෝදනා තිබිය දී එතුමා වෙනුවෙන් මෙවැනි තනතුරු වරප්‍රසාද දෙන්නේ මාලිමා ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් වේදිකාවක් ,වේදිකාවක් ගානේ ගිහිල්ලා කතා කරපු නිසාද? ඒ නිසා මාලිමා ආණ්ඩුව යටතේ සමස්ත පොලීසිය දේශපාලණීකරණය වෙලා තියෙනවා. ඒක පොලිස්පතිවරයා සිට පහළ දක්වාම අපි දකිනවා.

    ඒනිසා අපි ආණ්ඩුවට කියන්නේ, අනුර කුමාර ජනාධිපතිතුමාට කියන්නේ නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගත් නිශාන්ත උළුගේතැන්නට සාධාරණයක් කරන්න. මොකද දින 90 කට වඩා වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එතුමාගේ කීර්ති නාමයට සිදු වු හානිය වගේ ම එතුමාට සිදු වු අපහාසය වගේ ම එතුමාගේ දරු පවුල මුහුණ දුන් අභියෝගයන්ට මේ වනවිට කවුරුන්ද වග කියන්නේ. මේ සිදු කර තිබෙන්නේ සහගහන අපරාධයක්. ඉදිරි ආණ්ඩුවක් තුළදී මේ සිදු කළ අයුක්ති සහගත ක්‍රියාවට විරුද්ධව උළුගේතැන්න වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කිරීම සඳහා අප පෙනී සිටිනවා.


    අපරාධ සිදු කරන දෙපාර්තමේන්තුව


    ඒ නිසා අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන්ට කියනවා ශානි අබේසේකර වැඩ කරන්නේ කාගේ උවමනාවකට ද කියලා හොයලා බලන්න. අපිට ලොකු සැකයක් තියෙනවා මේ ශානි අබේසේකර වැඩ කරන්නේ ඩයස් පෝරාව සතුටු කරන්න ද කියලා. ඔවුන්ගේ සිහින ඊළාම් රාජ්‍යය බිදවැටුණේ නිශාන්ත උළුගේතැන්න වැනි දක්ෂ නිලධාරින් මහමුහුදේ ජීවිත පරිත්‍යාගයෙන්  සටන් කර අවි ආයුධ සහිත බෝට්ටු උතුරට යන්න නොදී රැකගත් නිසා. දේශපාලනඥයින්ගේ නිවෙස්වලට ගොස් ඕනම දෙයක් කරන්නම්, ගෙදර වළං හරි සේදිය හැකි බව ප්‍රකාශ කළ ශානි අබේසේකර  වගකීම් විරහිතව ක්‍රියා කිරීම නිසා පාස්කු ප්‍රහාරයේ  චෝදනා එල්ල වුණු තනි දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනි සිටි මෙවැනි නිලධාරියකු  වෙනුවෙන් සේවා දිගුවක් ලබා දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තියෙන බව අපට පැහැදිලියි.  

    නිශාන්ත උළුගේතැන්න වැනි ශ්‍රේෂ්ඨ නිළධාරින් වෙනුවෙන් මේ සිදු කරන ලද සහසික ක්‍රියාව පිළිබඳව කරුණු විමසා බැලිමේ දී පැහැදිලි වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ අපරාධ කරුවන් වෙනුවෙන් පරීක්ෂණ සිදු කරන ආයතනයක් වෙනුවට අපරාධ සිදු කරණ ආයතනයක් බවට පත් වී ඇති බව යි. එම නිසා අපි අනුර කුමාර ජනාධිපතිතුමාට කියන්න කැමතියි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නම "අපරාධ සිදු කරණ දෙපාර්තමේන්තුව" ලෙස වෙනස් කරන්න කියලා.''
  • ශානි ගේ පාරේ; විනිසුරු ධුර කාල අර්බුදය වෙත ගමනක්

    විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ආන්දෝලනය බරපතළ තැනකට තල්ලු වන බවක් පෙනේ.

  • සලේ ගේ බිරිඳ සහ නීතිඥ අසිත් සිරිවර්ධන, සලේ පිළිබඳව ශානි අබේසේකර වෙත ලියති!

    රෝහල්ගත කර සිටින රැඳවි, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ දෛනිකව බැහැදැකීමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා සුරේෂ් සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ බන්දුසේන සහ නීතිඥ අසිත් සිරිවර්ධන යන දෙපළ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපි දෙකක් යොමු කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න