Language Switcher

Ad

Ad 01

V2025

රංග දිසානායක සහ නන්දන ගුණතිලක: නියෝජ්‍ය ඇමතිට අනුර ගෙන් කණේ පහරක්! | සරෝජ් පතිරණ

මීට සති කිහිපයකට කලින් රනිල් පාක්ෂික හිටපු ඇමති කෙනෙකුගෙන් ජාජබ නියෝජ්‍ය ඇමති කෙනෙකුට කෝල් එකක් ආව.

හිටපු ඇමති ඒ වෙලාවේ හිටියේ හැංගිලා.

කොහොම හරි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට කතා කරලා මාව බේරල දෙන්න කියල හිටපු ඇමති නියෝජ්‍ය ඇමතිගෙන් බැගෑපත්ව ඉල්ලලා.

 

Ranga Disanayaka රංග දිසානායක


නියෝජ්‍ය ඇමැතිත් දෙපාරක් හිතන්නේ නැතුව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තුමාට කෝල් එකක් දීල.

ඊට පස්සේ තමයි ලස්සනම කතාව.


නියෝජ්‍ය ඇමතිට දවස් දෙකක් නවලෝකේ නවතින්නත් සිද්ද වුණා...




ආයේ කවදාවත් මේ වගේ කෝල් දෙන්න එපා කියල නියෝජ්‍ය ඇමතිටත් තරයේ අවවාද කරලා, මේ කතාව ජනාධිපතිතුමාට කියන්න වෙන බවත් දැනුම් දීල රංග දිසානායක කෙලින්ම කෝල් කරලා තියෙන්නේ අනුරට.

 



හැරෙන තැපෑලෙන් අනුරගෙන් ආපු කෝල් එක නිසා අන්තිමට නියෝජ්‍ය ඇමතිට දවස් දෙකක් නවලෝකේ නවතින්නත් සිද්ද වුණා!

හිටපු ඇමති කවුද, නියෝජ්‍ය ඇමති කවුද කියල නම් නොකියන්නේ මාධ්‍ය ආචාර ධර්මවල විදියට එයාලටත් Right to Reply අයිතියක් තියෙන නිසා.

නමුත් ඒ තමයි රංග දිසානායක කියන්නේ.

කාගෙන්, කොයි විදියට බලපෑම් ආවත් මම දන්නා තරමින් අද වෙනතුරුම නොසැලී කෙලින්ම නීතිය ක්‍රියාවට නගන නිලධාරියෙක්.

රට පුරා දූෂණය, වංචාව ඔඩු දුවද්දී, රටේ දැවැන්ත අපචාර සිද්ද වෙද්දී, මහ බැංකුව කොල්ල කද්දී, දේශබන්දු ල කුඩු බිස්නස් කරද්දී නොදැක්ක වගේ හිටපු නන්දන ගුණතිලක ල, මහින්ද පතිරණ ල වගේ අය දැන් තැතිගැනිල ඉන්නේ ඒ නිසා.

 

nandana 20250929නන්දන ගුණතිලක


රංග දිසානායකට විරුද්ධ නන්දන ගුණතිලකගේ ප්‍රහාරයේ සැබෑ අරමුණ....


විශේෂයෙන්ම මුළු රටම දැවැන්ත ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවක "රට බේරගත්ත නායකයා" රටේ මිනිස්සුන්ගේ මුදල් රුපියල් කෝටි ගාණක් වියදම් කරලා wife ගෙ උපාධි උත්සවේකට රට සවාරි යාම ගැන රනිල් ලොක්කත් arrest කළාට පස්සේ කුපිත වුණ දූෂිත රනිල් - රාජපක්ෂ නඩේ බලන්නේ කොහොම හරි ජාජබ ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩසටහන කඩාකප්පල් කරන්න.

 

ranil

රංග දිසානායකට විරුද්ධ නන්දන ගුණතිලකගේ ප්‍රහාරයේ සැබෑ අරමුණ ඒක.

නැත්නම් අපරාධකාරයෙක් කියල රටේ ඉහළම අධිකරණය තීන්දු කරපු දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පදවියට පත්කරන කොට, ලංකා ඉතිහාසයේ හිටපු කුප්‍රකටම නීතිපතිවරයෙක් වුණ සංජේ රාජරත්නම් ගේ ධුර කාලය දීර්ඝ කරලා අගවිනිසුරු පදවියට පත්කරන්න උත්සහ කරනකොට, අධිකරණ නියෝග පවා නොතකා පළාත් පාලන මැතිවරණය කල් දාන කොට, ටිරාන් අලස් දූෂිත VFS වීසා ගණුදෙණුව කරන කොට නන්දන ගුණතිලක ල, මහින්ද පතිරණ ල කොහෙද හිටියේ?

 

mahinda pathiranaමහින්ද පතිරණ

දැන් මගෙන් ප්‍රශ්න අහන former human rights activist නීමල්කා ප්‍රනාන්දු ඒ කාලේ කොහෙද කිටියේ? අරගලයේ පිහිටෙන් පිං ජනාධිපතිකමට ආපු රනිල් හමුදාවයි, කුලී හමුදාවයි දාල අරගලයට එලව, එලව ගහන කොට නිමල්ක කොහෙද හිටියේ?

මේ ප්‍රශ්න මතු කළාම මගෙන් අහන්නේ ඒව නොකරන්න නේද මාලිමාව බලයට ගෙනාවේ කියල.

ඔව්. මාලිමාවත් ඒවම කරනවා නම් පැහැදිලිවම ඒක වැරදියි.

එහෙම වරදක් කරනවා දැකපු මොහොතේම ඒක වැරදියි කියන්න, හෙලා දකින්න මම නම් පැකිලෙන්නේ නෑ.



ඒත් රංග දිසානායක එහෙම වරදක් කරලා තියෙනවද?




ලොක්ක arrest කරපු නිසාත්, පෙන්ෂන් එක අවලංගු කරපු නිසාත් මාලිමාව එක්ක ලොකු වෛරයකින් ඉන්න (ජවිපෙ හිටපු ජනාධිපති අපේක්ෂක) නන්දන ගුණතිලක කියන විදියට මීට දශක ගණනකට කලින් රංග දිසානායක ජවිපෙ නීති කමිටුවේ හිටිය නම් ඒකෙ වරද මොකක්ද?

රංග ජවිපෙ කමිටුවේ හිටිය නම්, ඔහු අධිකරණ සේවයට බැඳෙන්නේ ඒකෙන් ඉවත් වෙලාද? මහේස්ත්‍රාත්වරයෙක් සහ මහාධිකරණ විනිසුරුවරයෙක් විදියට රංග දිසානායක ගේ ක්‍රියාකලාපය ජවිපෙ ට පක්ෂපාතීද?

 



ඒ ප්‍රශ්නවලට පිළිතුරු ඔව් නම්, එතෙන්දි ඔහු අල්ලස් කොමිසමේ ප්‍රධානියා විදියට පත්කිරීම වැරදියි.

නමුත් රංග දිසානායකට මම දන්නා තරමින් එහෙම එක චෝදනාවක් වත් නෑ.


හොරු රංචුවක් එකතුවෙලා ගෙනියන campaign එකක්....


දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා හිටිය කියල කෙනෙකුට ආණ්ඩුවේ තනතුරක් දරන්න බැරිද? ලංකාවේ මීට කලින් කවදාවත් එහෙම කවුරුවත් ඉඳල නැද්ද? ඇත්තටම ඔය කියන "ස්වාධීන" මිනිස්සු ලංකාවේ ඉන්නවද?

ආයෙත් කියන්නේ මේක සහමුලින්ම ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න හොරු රංචුවක් එකතුවෙලා ගෙනියන campaign එකක්.

මේ සටහනෙන් මම කියන්න හදන්නේ මාලිමා ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල හරි අනෙක් ක්‍රියාමාර්ග හරි සම්පූර්ණයෙන්ම නිවැරදියි කියන එක නෙවෙයි.
විශේෂයෙන්ම හැම දූෂිතයෙක් පස්සෙම යන ආණ්ඩුව අඩු ගානේ ටිරාන් අලස් ගේ නම කියන්න පවා බයවීම ගැන මටත් ලොකු විවේචනයක් තියෙනව.



ඒ වගේම ත්‍රස්ත විරෝධී නීතිය දිගටම තියාගෙන ජනාධිපති අනුර පවා අහිංසක තරුණයෙක් මාස ගාණක් හිරකරගෙන හිටපු එක සම්පූර්ණයෙන්ම වැරදියි. හරි නම් අනුර ඇතුළු මාලිමාව ඒ තරුණයාගෙන් සමාව ගන්න ඕනේ; ඔහුට වන්දියක් ගෙවන්න ඕනේ. අනික මාලිමාව පොරොන්දු වුණා වගේ Online Safety Act එක අහෝසි කරන්න ඕනේ.

 

 

 

ත්රස්ත විරෝධී නීතිය

දූෂිතයින්ට විරුද්ධව යන මේ පාර වහල දාන්න ඉඩ දෙන්න බෑ....


අනුර සහෝදරයා ඇතුළු මාලිමාව ආණ්ඩුව එක්ක මම එකඟ නොවෙන තැන් තියෙනව. නමුත් ඉතිහාසයේ කවදාවත් නොවූ තරමට මේ ආණ්ඩුව දූෂිතයින්ට
දඬුවම් කිරීම අතින් ඉදිරියට ගිහින් තියෙනව; දූෂණයට වැට බඳිමින් ඉන්නවා. පහුගිය ආණ්ඩු කළා වගේ මේ ආණ්ඩුවේ ඉලක්කය හාල්මැස්සෝ විතරක් නෙවෙයි. කවද හරි දවසක ජනාධිපති අනුර ආපහු හැරෙන්න උත්සහ කළත්, දූෂිතයින්ට විරුද්ධව යන මේ පාර වහල දාන්න ඉඩ දෙන්න බෑ.

ඒ වගේම තමයි නන්දන ගුණතිලක කියනවා වගේ රංග දිසානායක හරි, ශානි අබේසේකර හරි, රවී සෙනෙවිරත්න හරි ජවිපෙට විරුද්ධ චෝදනාවලින් ජවිපෙ බේරගන්න උත්සහ කළ බව සනාථ වුණොත් එදාට අපි ඔවුන්ට විරුද්ධවත් පැහැදිලිවම පෙනී ඉන්නවා.


shani 20250929ශානි අබේසේකර


| සරෝජ් පතිරණ
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

(උපුටා ගැනීම - Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)