2019 වසර වන විට එදිනෙදා ජීවිකාව සරි කර ගැනීම සඳහා විවිධ රැකියාවල නියුක්ත පිරිස ලක්ෂ 35ක් සිටි බවත්, කොවිඩ් වසංගතය හේතුවෙන් රට වැසූ සැණින් එම පිරිස බරපතළ අර්බුදයකට මුහුණ පෑ බවත් මේ ව විට එම පිරිස යළි අර්බුදයට මුහුණ පා ඇති බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
හදිසියේ අභාවප්‍රාප්ත වු නිවින් නිශාකර කුමාරප්පෙරුම තරුණ මහතා ගේ වියෝව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන අද (15) කුමාරප්පෙරුම ගේ නිවසට පැමිණ සිය ශෝකය පළ කර සිටියේ ය.
අපි රටක් විදිහට බරපතළ අවධානම් තැනක සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. ආර්ථික වශයෙන් වත්මන් ආණ්ඩුව ලොකු පීඩනයක් ජනතාව මත මුදාහරිමින් සිටින්නේ ඒ නිසා ය. තෙල්, ගෑස්, කිරිපිටි, විදුලි, එකී, මෙකී, නොකී සියලු දේම දිනපතා ඉහළ නගිමින් ඇත්තේ ආර්ථික ගිනි කන්ද යළිත් පුපුරන්නට ආසන්න වී ඇති නිසා ය.
ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බැලීමට සහ අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට සියලු අමාත්‍යාංශ ආවරණය වන පරිදි ඛනිජ තෙල් නිතීගත සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙක් පත් කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුවේදි තීරණය විය.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

