නිදොස් කොට නිදහස් නිමි - පැත්ත ගියත් ඇත්ත කියූ රන්ජන් රාමනායක ඇතුළට !

 නිදොස් කොට නිදහස් නිමි - පැත්ත ගියත් ඇත්ත කියූ රන්ජන් රාමනායක ඇතුළට !

අද (12) දින සමස්ත ලෝකවාසීන් හට පුවත් මවන ඉතිහාසයට සත්‍යයේ තිත්ත බව ප්‍රත්‍යක්ෂ වන දිනයක් ලෙස සනිටුහන් වනු ඇත..

රන්ජන් රාමනායක නම් අසහාය රංගන ශිල්පී සත්‍යවාදීව දේශපාලනයේ තිත්ත ඇත්ත සමාජගත කල පුරවැසි ඔබේ බදු මුදල් මංකොල්ල නොකෑ දැවැන්ත ජනතා ප්‍රසාදයක් හිමි චරිතයකි.

 ඔහු වසර හතරක් සිරගත වීමට පෙර කීප වතාවක් සිරගත වූයේ පෞද්ගලික කාරණා මත නොව මහජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ දී එවකට පැවති නෛතික රාමූන් උල්ලංඝනය කිරීමේ වැරදි නිසාය.

ජනතාව අසරණ වූ විට සහල් බෙදූ රංජන් රාමනායක සිරගත විය..!

 එකල විප්ලවාදී විද්වතුන් ට අනුව රංජන් රාමනායක දැඩි වෛරයට පාත්‍ර වනුයේ මක්නිසාදයත් "' වැඩිපුරම සත්‍ය කතා කරන පුද්ගලයා ලෙස සමාජයේ වෛරයට පාත්‍ර වෙමිනි"' එකී සමාජය නම් පාලකයාගේ සළුවෙන් හෙළුව වසාගෙන සිටිනා අයවලුන්ය.

රංජන් රාමනායක නම් නිර්භීත අවංක හොරු ඇල්ලීමට එමෙන්ම  අසරණ මහජනතාව වෙනුවෙන් අසාධාරණය අයුක්තිය වෙනුවෙන් පෙනී සිටි පීඩිත පංතියේ සැබෑ වීරයෙක් අරගල කරුවෙක් ලෙස අද ඔහු ලෝක දේශපාලනයේ අග්‍රගණ්‍ය දේශාපාලකයෙක් මෙන්ම රසික හදවත් දිනූවෙක් ලෙස ඉතිහාසගත වනු ඇත.

නුදුරු අනාගතයේ යම් දිනක තවත් නෙල්සන් මැන්ඩෙලා කෙනෙකු ලක් දෙරණින් ජනිත වීමට ඇති ඉඩහසරේ පළමු වෙඩිමුරය අද දියත් වින.

වඩ වඩාත් කිව යුත්තේ සමස්ථ ශ්‍රී ලාංකේය දේශපාලනයේ ජනතා බදු මුදල් වංචා නොකල වත්කම් ඉපයීමක් නොකල එකම දේශපාලකයා ලෙස රංජන් රාමනායක වැන්නකු වසර හතරක් නොව විසි හතරක් සිරගත කලද ඔහුගේ හඩ නිහඩ කල නොහැක….

තවද සමස්ත ලෝකය පුරාවටත් ශ්‍රී ලාංකේය දේශපාලනය හා සමාජ වටපිටාව මත අමු අමුවේ සිදුවී ඇති අපරාධ දූෂණ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වූ අකාරයට වඩා අපූරුවට රංජන් රාමනායකට නීතිය ක්‍රියාත්මක වීම අගනේය. කලෙක ත්‍රස්තවාදී නායකයකු ලෙසත් ඝාතකයකු ලෙසත් ඇස් පනාපිට දැක ගන්නට හැකි වූ පිල්ලෙයාන් ගේ නඩුවත් ඉවතට විසිවුන රටේ රංජන් රාමනායක නම් තිත්ත ඇත්ත කතා කල දේශපාකයා දංගෙඩියට දක්කා ඉතිරි වසර හතර ගතකිරීමට සැරසෙන අපූර්වත්වය ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන් ලෙස අපි බලා හිදිමු..!

ලොවම වෙලාගත් කෝවිඩ් වෛරසය ආසාදනය නොවී හිටි අඩියේ රෝගාතුර නොවීමට වගබලා ගන්නා ලෙසත් වසර හතර ඔබට සුළු කාලයක් උවත් පුරවැසියන් හට කල්පයක් සේ සත්‍යයේ දොරගුළු වැසීමේ කම්පාව ඉතිරිවනු ඇත..!

සුමුදු මද්දුමආරච්චි
මිලානෝ
ඉතාලිය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න