Language Switcher

V2025

ශීත ඍතුවත් උද්ගත වසංගතයේ උණුසුමත් අභිබවා එත්නා ගිණි කන්ද යලිත් අකාරුණික වෙයි !

දරුණු කොවිඩ් වසංගතයෙන් උණුසුම් වී ඇති ගෝලීය තත්වය තුල වර්ෂ 2021ජනවාරි 18 දිනට පසු නැවතත් මෙම වසරේම පිට පිට අද දෙවන වතාවට අද දිනයේද එනම්  වර්ෂ 2021 පෙබරවාරි මස 16 වන දින සන්ධ්‍යා භාගයේ ඉතාලියේ සිසිලි දූපතේ වර්ථමාන සීත හිම රේණු චමත්කාරය දනවන ස්වභාවික පාරිසරික තත්වය මොහොතකට ත්‍රාසයටත් අමන්දානන්දයටත් පත්කරමින්  එත්නා ගිණි කන්ද අභ්‍යන්තරයේ සගවා සිටි සියලු ශක්තීන් ඕනෑම දෘඩ භෞතික වස්තුවක් ක්ෂණයෙන් අළු දූවිලි කලහැකියි යන්න පසක් කරමින් නැවතත් පුපුරා ගියා..

විසූවියස් ගිනි කන්දට පමණක් දෙවැනි වන එට්නා සිසිලි දූපතේ කතානියා පළාතේ කතානියා හා මෙසීනා යන නගර දෙකට මැදිව පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 10,922 ක් උසැති ගිනි කන්ද 1669 දී පුපුරා යාමෙන් 20,000 ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද වාර්තා වේ. අප්‍රිකා භූතැටිය හා යුරෝපා භූ තැටිය එකිනෙකට හමුවන මායිමේ මේ ගිනිකන්ද පිහිටා තිබෙන බව භූ විද්‍යාඥයෝ කියති. මෙහිදී පැතිර යන දැඩි උණුසුම හා කළු පැහැති උණුසුම් වාතය හේතුවෙන් ඉතාලියේ ඉතා කාර්යබහුල ගුවන්තොටුපොළක් වන සිසිලියා ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දමන්නට පවා එරට පාලන අධිකාරිය කටයුතු කරනු ඇත..

එය අවස්ථා කීපයකම සිදුව ඇත... මේ මොහොත වනවිට සමස්ත සිසිලියා දූපතේ වැඩි ප්‍රමාණයක් දැඩි දුමාරය හා ලාවා උණුසුම වෙලා ගණිමින් පවතී...                  

අඩි සිය ගණනක් උසට පැතිරී ඇති ඝන දුමාරය හේතුවෙන් ඒ ප්‍රදේශය හරහා ගුවන් ගමන් පවා නවතා දමන වාර අනන්තය මකමක්නිසාදයත් පිටවන අළු හා ඓන්ද්‍රීය ද්‍රවය නිසාවෙනි.. දක්වා ඇති චායාරූප නිරීක්ෂණයේදී එත්නා ගිණි රාක්ෂික කිකිළියගේ  පුපුරා දසත විහිදෙන ඓන්ද්‍රීය ද්‍රව්‍ය අත්ලට ගත් දර්ශන ඔබට නැරඹිය හැක….  

     

ගිණිකන්දේ දෛනික හැසිරීම් නිරන්තරයෙන් අවදානයට ලක්වන අතර මෙසේ පුපුරායාම සිසිලියානු දූපත්වාසීන් පෙන්වා දෙන්නේ සාධනීය ලක්ෂණයක් බවයි. මක්නිසාදයත් එසේ පුපුරා නොයන්නේ නම් දරුණු භූමිකම්පා ඇතුවීමට ඉඩ ඇති බවත් එත්නා ගිණිකන්ද සක්‍රීය වීමත් සමග වැසියන් මාර්ගයේ ගමන් කිරීමේදී කුඩ භාවිතා කරන අතර ඒ අළු හා දූවිලි කොටස් වලින් ආරක්ෂා වීමටයි... 

පිට පිටම වසරේ දෙවන වරටත් පුපුරා ගිය එත්නා ( ETNA ) ගිණි කන්ද මෙවර යම් අකාරුණික බවක් පෙන්වා ඇති අයුරු ඔබට එම දර්ශන හා චායාරූප තුල නිරීක්ෂණය කල හැක….

ඉතාලි යුද හමුදාව හා සහන සේවක කණ්ඩායම් ලාව ගලා යාමට සුදුසු පරිදි අගල් කැපීමේ නිරතව සිටින අතර දැනටමත්  අවදානම් කලාපයේ පදිංචි කරුවන් ඉවත්කැර අවසන්ය. 

එත්නා කෙතරම් භයානක කෲර හැසිරීම් පෙන්වුවද සිසිලියානු භූමියේ පාංශු ගුණාත්වයේ අසම සමබව ඇය නිසා බව සිසිලියානු වැසියන් පවසන්නේ ඉතාමත් ආඩම්බරයෙනි….

මක්නිසාදයත් එම පොළොවේ වැවෙන එළවලු හා පළතුරු වල ඇති නැවුම් බව ආවේනික සුවද හා රසය නිසාවෙනි….

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝ ඉතාලිය .

 

 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found