Language Switcher

V2025

The Final Countdown !

විවිධ හේතු අපිට ඉදිරිපත් කරන්න පුළුවන් උනත් අරගලය එහි අවසන් අන්තයට ගියේ නැහැ. අවසන් අරමුණ වෙච්ච ගෝඨා ගෙදර යාම කියන එක සිද්ධ වුනේ නැහැ. අපිට අලුත් මොකක් හරි දෙයක් මේ වෙද්දී හිතන්න බැරි ඒ වෙනස සිදු වුනේ නැති නිසා. පැතුම් කර්නර් කියන විදියට රෙජීමය බිඳ වැටුනේ නැති නිසා.

මගේ සමාජ දේශපාලන පරිකල්පනය නැවුම් යුතෝපියාවක් උනත් දැනට අපිට මේ රෙජීමය බිඳ වැට්ටවීම කියන එකෙන් හරි නතර වෙන්න වෙයි. හැබැයි සීරියස් ක්‍රම වෙනසක් කරන්න වෙනවම තමයි.

ඒ වෙනස වෙනුවෙන් මුං මේ මුක්කු ගහ ගහ අරන් යන්න හදන දරහැව අත්අරින්න වෙනවාම තමයි. මියගිය දෙය වලදාන්න ම වෙනවා.

රනිල් හෝ දම්මික පෙරේරා වගේ පුද්ගල විකල්ප එක්ක කිසිසේත් මේක අලුත් තැනකට යන්නේ නැහැ. දඩයම් කිරීම වැඩි වෙලා තියනවා මිසක්.

ඒ නිසා මේ අරගලය තව පොඩ්ඩක් ඉදිරියට ගෙනිහිල්ල තව හුස්මක් එක්ක මේක අවසන් කරන්න වෙනවා. අන් සියල්ල දෙවැනියට තියන්න වෙනවා. අන් සියල්ල...

මෙතෙක් සිටිය නොසිටිය සියලු බලවේග එකමුතු කරගෙන අර තිබ්බ වෛවර්ණ බවේ දේදුන්න ආයිත් හදමු. පටන් ගත්ත දෙය අවසානයක් දක්වා ගෙනියමු.

මේක අපි ඔක්කොගෙම අනාගතය....

මේ අවසන් ගණන් තැබීම....

It's the final countdown!!!

We're leavin' together
But still it's farewell
And maybe we'll come back
To Earth, who can tell?

I guess there is no one to blame
We're leaving ground (leaving ground)
Will things ever be the same again?
It's the final countdown
The final countdown

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි