සල්මන් රුෂ්ඩිට පිහි ඇණුමක් !

සල්මන් රුෂ්ඩිට පිහි ඇණුමක් !

ලොව ප්‍රසිද්ධ ලේඛකයෙකු වන සල්මන් රුෂ්ඩි අමෙරිකාවේ බටහිර නිව්යෝක්හිදී පිහි ඇණුමකට ලක්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ නිව්යෝක්හි පැවති උත්සවයකදී ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවය.

එම උත්සවයේදී වේදිකාව මත රැදී සිටි සල්මන් රුෂ්ඩිට එම ස්ථානයට එකවර පැමිණි පුද්ගලයකු මෙලෙස පිහි ඇණුම සිදු කර ඇති බවද එම මාධ්‍ය වාර්තා පවසයි .

තුවාල ලැබූ සල්මන් රුෂ්ඩි ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් පෙන්සිල්වේනියාවේ රෝහලකට රැගෙන ගොස් ඇති බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් ඇති වාර්තා අනුව මේ ප්‍රහාරය හේතුවෙන් වේදිකාවේ සිටි නිවේදකයාද තුවාල ලබා ඇත.

ප්‍රහාරය සිදු කළ නිව් ජර්සිහි පදිංචි 24 හැවිරිදි සැකකරු නිව්යෝක් ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

1988 වසරේදී ද සාටනික් වර්සස් කෘතිය රචනා කළ සල්මන් රුෂ්ඩි ඉස්ලාමීය අන්තවාදී සටන්කරුවන්ගේ තර්ජනවලට ලක්ව සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න