ජේසුනි!
අපි උපන්නෙත්
ගව මඩුවලය ඌරු කොටු තුළය
ජේසුනි!
මළ මුත්‍රා පල් ගඳ වතුර
කළු මඩ ගොහොරු මත
අඳුරු පැල්පත්වල
සීතලේ මිරිකෙමින්
අමුම අමු නිරුවතිනි
අපි උපන්නෙත් ජේසුනි!
මාලිගා සඳළුතල
කාණු අතරින් ගලන
වෛරයේ ක්‍රෝධයේ
අතෘප්තිකර කෑදරකමේ
තණ්හාවේ කුහකත්වයේ
විස කටු පඳුරු තුළ
අනුන්ගේ මහා බර උසුලාගෙන
අපි උපන්නෙත්
අඳුරු කාලයක විය
ජේසුනි
මට ආගමක් නැත
මගේ ආගම සත්‍යයයි
මගේ ආගම විද්‍යාවයි
නත්තල නම් කුමක්ද?
සොම්නස නත්තලට පමණක්ද?
එකොළොස් මසක මහා බර
මොහොතකට බිම තබන
මිනිසාට එරෙහිව මිනිසා
මිනිස් ලේ උරා බොන මේ සමේ
මේ චණ්ඩ මාරුතේ
අතරමං වූ ඔබේ ප්‍රේමයේ
ආත්මය තිබේදැයි සොයමු අපි
ජේසුනි!
කුරුසියේ ඇණ ගසා එල්ලුවේ
එදා ඔබ පමණයි ජේසුනි
ඒත් මේ නත්තලේ
කෲරත්වය වියරු වී
තරුණයෙක් නම්
උණ්ඩ වැස්සෙන් තෙමා
දස දහස් ගණනින් පුළුස්සයි
ජේසුනි!
බයිබලය ද දේව වදන් මුමුණන
පාදිලියෝ පූජකයෝ
එදා ඔබ කුරුසියේ ඇණ ගැසූ උන් සමග
නත්තල සමරමින් කති බොති නටති
සත්‍ය වනසන්නට ඉඩ හරිති
සත්‍ය කියා අසත්‍ය ද
ධර්මය කියා අධර්මය ද
දේශනා කරති
-චන්ද්‍රකුමාර වික්‍රමරත්න-
-භූගත කවි සිත-
උපුටා ගත්තේ 'කාලීන ලිපි' සමූහයෙන්


