“සිරි රජ සිරි" හී කිරිඉබ්බන්දෙනියේ මහරජතුමා අවසන් නොවූ කතාවක

“සිරි රජ සිරි" හී කිරිඉබ්බන්දෙනියේ මහරජතුමා අවසන් නොවූ කතාවක

සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කල, රේණුකා බාලසූරිය නිෂ්පාදනය කල "සිරි රජ සිරි" චිත්‍රපටයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ සිරිමල් නොහොත් කිරිඉබ්බන්දෙනියේ මහරජතුමාගේ චරිතයට පන පොවන ලද කෝකිල පවන් ජයසූරිය “අවසන් නොවූ කතාව”කින් යලිත් කරලියට පැමිණ ඇත.

ඒ ඔහුගේ කුළුදුල් ගීත නිර්මාණය සමඟින්ය.

කෝකිල පවන් ජයසූරිය 2010 වසරේ චීනයේ පැවති 10වන ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙලේ " ලෝකයේ හොඳම ළමා නළුවා" ට හිමි ජාත්‍යන්තර kokila2සම්මානය හිමිකර ගත්තේය.

සිනමාව පමණක් නොව වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය වලද රංනයෙන් දායක වී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මාන උළෙලවල් රැසකදී මොහු සම්ම්මානයට පාත්‍රවී ඇත.

මේ වන විට 21 වියේ පසුවන කෝකිල,"අවසන් නොවූ කතාව"හී නිර්මාණ දායකත්වය මුළුමනින්ම සිදුකර ඇත. ඒ ගායනය, ගේය පද මෙන්ම සිය කුළුඳුල් වීඩියෝ අධ්‍යක්ෂණය සිදුකරමින් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න