2024 ජනාධිපතිවරණය මුල් කරගනිමින් ජාතික ජනබලවේගය පක්ෂය සහ සමගි ජනබලවේගය පක්ෂය අතර පැවැත්වීමට නියමිත විවාදයට අදාළ තවත් දින කිහිපයක් සමගි ජනබලවේගය පක්ෂය විසින් නියම කර ඇත.
එම ලිපිය අනුව එම ලිපිය අනුව දෙපාර්ශ්වයේ ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි මස 27, 28, 29, 30, 31 යන දිනවලින් එකකදීද නායකයින් අතර විවාදය 2024 ජුනි මස 03, 04, 05, 06 හෝ 07 යන දිනවලින් එක් දිනයකදී පැවැත්වීමටත් යෝජනා කර ඇත.
නමුත් ගැටලුව වී තිබෙන්නේ මේකී විවාදය සඳහා ජාතික ජනබලවේගය නියම කළ අවසන් දිනය හෙට (20) වීමය. එම දිනය ප්‍රකාශයට පත්කරමින් ජාතික ජනබලවේගය පක්ෂය දැනුම්දී සිටියේ මැයි 20 ට පෙර ඕනෑම මොහොතක ඕනෑම විවාදයකට තම පාර්ශ්වය සූදානම් බවත් ඉන් අනතුරුව විවාද සම්බන්ධ කතා අවසන් කරන බවය.
මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ ජාතික ජනබලවේගය නියම කළ දිනය අවසන් වන මොහොතේ තවත් දින නියම කිරීම සජබ විසින් සිදුකළ අපරිණත දේශපාලන ක්‍රියාවක් බවයි. අවසාන දිනයට පෙර අදාළ දිනය සංශෝධනය කර ගැනීමට අවස්ථාව පැවති බවත් එහිදේ පෙන්වාදෙන විචාරකයන් වැඩිදුරටත් පවසන්නේ දෙපාර්ශ්වයම අදාළ විවාදය සඳහා සත්භාවයෙන් කැපවූ බවක් නොපෙන්නු බවයි. එබැවින් දැන් මෙය හරවත් විවාදයකට වඩා නාඩගමක් බවද ඔවුන් පවසයි.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සමඟ විවාදයට මේ වෙනකොට බාලගිරි දෝෂය. වැඩේ හැමදාම කල් යනවා. ඔන්න මේ වෙනකොට තිබුන තත්වය තමයි, මැයි 20 ට පෙර විවාදය පැවැත්වීම. ඕන විවාදයක් මැයි 20 ට පෙර පවත්වන්න ඕන බවත්, ඊට පස්සේ සජබ කියන කියන දවස් වලට විවාද ගැන කියවමින් ඉන්න තමන් සූදානම් නැති බවත් ජාතික ජනබලවේගය පාර්ශ්වය සඳහන් කළා.
නමුත් ඔන්න අද (19) තමයි සජබ පාර්ශ්වය විවාදයේ දවස මාරු කරලා නිවේදනයක් නිකුත්කරලා තියෙන්නේ. කොහොම නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ විවාදය ගැන උනන්දුවෙන් ඉඳලා තියෙනවා. ඒ ගැන ජනාධිපති දක්වපු ප්‍රතිචාරයක සඳහන් කරලා තියෙන්නේ අනුරගේ අභියෝගය සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස විසින් පිළිගත යුතුව තිබූ බවයි.
මැයි 20 වැනිදා එම අභියෝගයේ අවසන් දිනය ලෙස අනුර දිසානායක මහතා නියම කර ඇතත් සජිත් ප්‍රේමදාස මහතා විසින් එය පිළිගෙන නැති බවත් ඔහු එය පිළිගෙන විවාදයට මුහුණ දිය යුතුව තිබූ බවත් ජනාධිපතිවරයා සඳහන් කරලා.
දේශපාලන ආරංචිමාර්ග නම් කියන්නේ අනුර එක්ක විවාදය සජිත් මඟ හැරියා වගේම , ආර්ථික කමිටු අතර විවාදයත් ඒ නිසාම නොකෙරෙන තැනට පත්කරා වගේ පේනවා කියලා. ඔය කතා මොනවා වුණත් සජබ ජාජබ දෙගොල්ලොම වැඩේ මඟ හැරියා කියලා කියන අය තමයි වැඩි.
දේශපාලන වාර්තාකරු
ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.
ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදා වේ.
මීට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
“සුරක්ෂා” සිසු රක්ෂණාවරණය, සෞඛ්‍ය ගැටළු හේතුවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීම සහ ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් පාසල් සිසුන් දෛනිකව පාසල් පැමිණීම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව 2017 වර්ෂයේ එවක අග්‍රාමාත්‍යවරයා වශයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද වැඩසටහනකි.
මෙම වැඩසටහන 2022.12.01 දින දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන් පසු කාල සීමාවේදී මේ සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ දුෂ්කරතා මත තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය.
කෙසේ නමුත් මේ වන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ප්‍රකෘතිමත්භාවයත් සමඟ”සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 වර්ෂයේ අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරන ලදී. 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය මානව සම්පත නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම එහි අරමුණයි.
ඒ අනුව ලක්ෂ 45කට ආසන්න මෙරට රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන්හි ඉගෙනුම ලබන 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල වයස අවුරුදු 5ත් 21ත් අතර සිසුන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන අවුරුදු 4ත් 21ත් අතර වයස සීමාවේ පසුවන සිසුන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණය සහ අනතුරු රක්ෂණාවරණය යටතේ වූ සියලු ප්‍රතිලාභ ලබාදීමට යෝජනා වී තිබේ.
එසේම අඩු ආදායම්ලාභී එනම් වාර්ෂික ආදායම රු. 180,000/= කට වඩා අඩු පවුල්වල සිසුන් සඳහා ජීවිත රක්ෂණ ආවරණය යටතේ වූ දෙමාපිය මරණ සඳහා ද ප්‍රතිලාභ ලබා දීමට යෝජනා කර ඇත.
මෙම වැඩසටහන යටතේ සියලුම සිසුන්ට ලබා දීමට අපේක්ෂිත ප්‍රතිලාභ මෙසේය.
නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 300,000/= දක්වා (රජයේ/පෞද්ගලික රෝහල්වල).
මෙහිදී දරුවා ප්‍රතිකාර ලබා ගැනිම සඳහා රජයේ රෝහලක නතර වී ගතකරනු ලබන එක් රාත්‍රියක් සඳහා රු.2500/= බැගින් ද (රජයේ රෝහලකට ඇතුළත් වූවද මෙහිදී එක් රාත්‍රියක් සඳහා රු.2500/=ක මුදලක් ලබාදීම සිදු කරනුයේ දරුවෙකු අසනීප වූ විට සාමන්‍ය පවුලක දෙමාපියන්ට රැකියාවේ නිරතවීම සම්බන්ධයෙන් මතුවන අපහසුතා හේතුවෙනි.) පෞද්ගලික රෝහලක නතර වී ගතකරනු ලබන එක් රාත්‍රියක් සඳහා රු7500/= බැගින් ද ප්‍රතිලාභ හිමි වේ.
බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 20,000/= දක්වා.
මෙම කාණ්ඩය යටතේ පෙර පැවති අක්ෂි දෝෂ සඳහා ඇස් කණ්නාඩි සඳහා ප්‍රතිලාභ ගෙවීමට අමතරව ශ්‍රවණාබාධ සඳහා ශ්‍රවණාධාර උපකරණ සඳහා ද ප්‍රතිලාභ ගෙවීම ඇතුළත් කර ඇත. එමෙන්ම දරුවන්ගේ අසනීප තත්ත්වයකදී බාහිර රෝහල් මඟින් සිදු කරනු ලබන රසායනාගාර පරීක්ෂණ ගාස්තු ද මෙම කාණ්ඩයේ ප්‍රතිලාභ යටතේ ආවරණය වේ.
බරපතල රෝගාබාධ සඳහා ප්‍රතිලාභ – රු. 200,000/= සිට රු. 1,500,000/= දක්වා.
2. අනතුරු රක්ෂණාවරණය
පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා සඳහා – රු.200,000/=.
සදාකාලික අර්ධ අකර්මණ්‍යතා සඳහා – රු. 150,000/= සිට රු. 200,000/= දක්වා.
තාවකාලික අකර්මණ්‍යතා සඳහා – රු.25,000/= සිට රු.100,000/= දක්වා.
3. ජීවිත රක්ෂණාවරණය.
දෙමාපියන්ගේ මරණයකදී.
අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ගේ දෙමව්පියන්ගෙන් එක් අයෙකු වෙනුවෙන් එක් සිසුවෙකු සඳහා රු.75,000/= ක් දෙමාපියන් දෙදෙනාම ආවරණය වන පරිදි ප්‍රතිලාභ හිමිවේ.
පවුලේ සියලු පාසල් යන ළමුන්ට ප්‍රතිලාභ හිමිවන නමුත් එක් සිද්ධියක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු.225,000/= කි. (රු.75,000/= බැගින් උපරිම දරුවන් 3 දෙනෙකු සඳහා)
මෙම රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ ගිවිසුම් ගත වීමට නියමිත අතර පාසල් සිසුන් සඳහා වූ මෙම සියලුම ප්‍රතිලාභ සතියක් ඇතුළත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සලසා ඇති මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කඩිනමින් ලබා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ද සකස් කිරීමට නියමිතය.
ඒ අනුව “සුරක්ෂා” රක්ෂණාවරණය යටතේ දරුවන්ට හිමිවන ප්‍රතිලාභ මුදල් එම දරුවන්ගේ දෙමාපියන්ගේ අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කටයුතු කරනු ඇත.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ පූර්ණ අධීක්ෂණය යටතේ පාසල්වල විදුහල්පතිවරුන්, ග්‍රාම නිලධාරීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් අතර විශේෂ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ද සකස් කිරීමට නියමිත අතර ඊට අදාළ චක්‍ර ලේඛය ද ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතය.
මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඒකාබද්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වේ.
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) ගේ ආරාධනය පරිදි ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ලෝක ප්‍රමුඛ ධනවතෙක් මෙන්ම ආන්දෝලනාත්මක චරිතයක් වන ඊලොන් මස්ක් (Elon Musk) හමුව ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට අද (19) මෙම හමුව සිදුව ඇති අතර එහිදී ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබේ.
ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව එහිදී අවධාරණය කෙරිණි.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන ද මෙම අවස්ථාවට එක්ව ඇත.
ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දුනීසියානු ජනරජයේ සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ලුහුත් බින්සාර් පන්ඩ්ජායිටන් (Luhut Binsar Pandjaitan) අතර හමුවක් අද (19) කුරා කුරා බාලි දූපතේ (Kura Kura Bali island) පිහිටි “United In Diversity” හි බාලි මණ්ඩපයේදී පැවැත්විණි.
ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය (Global Blended Finance Alliance), ශ්‍රී ලංකාවේ නිවර්තන කලාපීය මුලපිරීම (Tropical Belt Initiative), නීල ආර්ථිකය (Blue Economy) මෙන්ම මුහුදු පැලෑටි කර්මාන්තය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
එමෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණු අතර කඩොලාන වගා කිරීම පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් සහයෝගීතා වැඩපිළිවෙළක් ඇති කර ගැනීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද අවධානය යොමු විය.
මෙම කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් ද්විපාර්ශ්වික කාර්ය සාධක බලකායක් පිහිටුවීම සහ ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) වත්මන් සභාපතිවරයා ලෙස ඒ සඳහා ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳ ද සාකච්ඡා විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මින් මීට එක්ව සිටී අතර, ඉන්දුනීසියානු රජය නියෝජනය කරමින් එරට සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍යාංශයේ ලේකම් අයෝධායි ජී. එල්. කලාකේ (Ayodhia G.L Kalake), වන හා පරිසර කළමනාකරණය පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකරණ අමාත්‍ය නානි හෙන්ඩියාර්ට් (Nani Hendiarti), යටිතල පහසුකම් සහ ප්‍රවාහනය පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකරණ අමාත්‍ය රහ්මත් කයිමුද්දීන් (Rahmat Kaimuddin), සමුද්‍රීය සම්පත් පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකරණ අමාත්‍ය ෆිර්මාන් හිදායත් (Firman Hidayat), දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ උපදේශක චෙරී නුර් සලිම් (Cherie Nur Salim) යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ "30 අන්ඩර් 30 ඒෂියා" ලැයිස්තුවට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය ඇතුළත්වීමට සමත්ව ඇත.
ආසියා පැසිෆික් කාලාපයේ වෙනසක් ඇතිකළ ව්‍යවසායකයන්, නායකයන් සහ විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් 300 දෙනෙකු මෙම ලැයිස්තුවට ඇතුලත් වී ඇති අතර ඒ සියලු දෙනාම වයස අවුරුදු 30 ට අඩුවීම විශේෂත්වයකි. ආසියා පැසිෆික් කාලාපයේ අවධානය යොමුකළ යුතු පුද්ගලයන් "30 අන්ඩර් 30 ඒෂියා"ලැයිස්තුව මගින් ෆෝබ්ස් සඟරාව ප්‍රකාශයට පත් කරනු ලබයි.
කාණ්ඩ 10ක් යටතේ මෙම ලැයිස්තුවට පුද්ගලයන් තෝරාගෙන ඇති අතර රසවින්දන සහ ක්‍රීඩා අංශයෙන් ඩිනාරා පුංචිහේවා මහත්මිය මෙම ලැයිස්තුවට ඇතුලත් වූවාය. ඩිනාරා පුංචිහේවා මහත්මිය 2018 වසරේදී ඇයගේම චිත්‍රපටයක් වන මාලා ඔස්සේ චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණියාය.මාලා චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලකදී ප්‍රදර්ශනයවීමත් සමඟ චිත්‍රපට නිෂ්පාදක ප්‍රසන්න විතාන මහතාගේ අවධානය එම චිත්‍රපටය සඳහා යොමු වී ඇති අතර එහි දැක්වු කුසලතාවය හේතුවෙන් ගාඩි චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දීමට ඩිනාරා මහත්මියට ප්‍රසන්න විතානගේ ආරාධනා කර තිබිණි.
ඩිනාරා මහත්මිය ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වන අතර ඇය අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් නාට්‍ය හා රංගනයට අවතීර්ණ වීමට අවස්ථාව ලබා දෙන Punchi Actors නම් ලාභ නොලබන ආයතනයේ නිර්මාතෘවරියද වූවාය.
දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කරන ආකාරයට අද (19) අලුයම 03.00 සිට හෙට (20) අලුයම 03.00 දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඒ අනුව අදියර 02 යටතේ වන අනතුරු ඇගවීමේ නිවේදන බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නිකුත් කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් සඳහා මෙන්ම මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33ක් සඳහා අදියර 1 යටතේ වන එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර පැවසීය.
? අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්‍රික්කය:
- ඇල්ල
? අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය:
- හල්දුම්මුල්ල
- හපුතලේ
- හාලි ඇල
- බදුල්ල
කොළඹ දිස්ත්‍රික්කය:
- සීතාවක
ගම්පහ දිස්ත්‍රික්කය:
- අත්තනගල්ල
කළුතර දිස්ත්‍රික්කය:
- පාලින්දනුවර
- බුලත්සිංහල
- අගලවත්ත
- මතුගම
- වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය:
- ගඟවට කෝරළය
- උඩුදුම්බර
- යටිනුවර
- උඩපළාත
- උඩුනුවර
- ගඟ ඉහළ කෝරළය
- පස්බාගේ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය:
- යටියන්තොට
- මාවනැල්ල
- දෙහිඹ්විට
- බුලත්කොහුපිටිය
- ගලිගමුව
- වරකාපොල
- කෑගල්ල
- දැරණියගල
- රුවන්වැල්ල
රත්නපුර දිස්ත්‍රික්කය:
- බලංගොඩ
- රත්නපුර
- ඉඹුල්පේ
- කලවාන
- කිරිඇල්ල
- කුරුවිට
- ඇහැළියගොඩ
- අයගම
- ඇලපාත
ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර පැවසීය.
ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ මෙන්ම අදිරය 1 යටතේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇත.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න
කොළඹ දිස්ත්‍රික්කය - සීතාවක, පාදුක්ක
කළුතර දිස්ත්‍රික්කය- වලල්ලාවිට, හොරණ, ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත
කෑගල්ල දිස්ත්‍රික්කය - රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, මාවනැල්ල, අරණායක
රත්නපුර දිස්ත්‍රික්කය - ඇහැළියගොඩ, කිරිඇල්ල , අයගම, ඇලපාත, කලවාන, රත්නපුර, කුරුවිට
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න
බදුල්ල දිස්ත්‍රික්කය- ඇල්ල, හාලි ඇල, පස්සර
ගාල්ල දිස්ත්‍රික්කය - යක්කලමුල්ල, නියාගම
කළුතර දිස්ත්‍රික්කය - බේරුවල
කෑගල්ල දිස්ත්‍රික්කය - ගලිගමුව
කුරුණෑගල දිස්ත්‍රික්කය - නාරම්මල, පොල්ගහවෙල, අලව්ව
නුවරඑළිය දිස්ත්‍රික්කය - අඹගමුව
රත්නපුර දිස්ත්‍රික්කය - කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, නිවිතිගල
මැයි 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
ඒ අනුව එදින සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබීමට ක්‍රියාකරනු ඇත.
ඉහත මාර්ග භාවිත කරන රියදුරන්ට පහත විකල්ප මාර්ගයන් භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා රජය අර්ථාන්විත පියවර අනුගමනය කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊයේ (17) වාර්තාවක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
ලංකාව අදාළ අපරාධ සඳහා රාජ්‍ය ආරක්ෂක අංශවල සහ අනුබද්ධ සන්නද්ධ කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගෙන ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බවද එහි සඳහන් බවත් වාර්තාවෙයි.
අතුරුදන් කිරීම්වලට ලක්වූ සියලුම ශ්‍රී ලාංකිකයින් කිසිදා අමතක නොකළ යුතු බවට මෙම වාර්තා මගින් යළිත් සිහිකැඳවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් පවසයි.
බොහෝ කාලයක සිටි අතුරුදන් කිරීම්වලට ලක්වූවන් පිළිබඳව තොරතුරු දැනගැනීමට බලා සිටින ඥාතීන්ට සත්‍ය දැනගැනීමේ අයිතියක් පවතින බවත් අතුරුදන් කිරීම්වලට ලක් වූවන්ට රජය ණයගැති බවත් වෝල්කර් ටර්ක් එම වාර්තාව හරහා දන්වා තිබේ.
මෙවැනි අපරාධ ඒවාට මුහුණ දුන් පිරිසට පමණක් නොව සමාජයක් ලෙස සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවටම කම්පනය දනවන සුළු බව වාර්තාවේ දැක්වෙයි.
අතුරුදන් කිරීම්වලින් සියලුම පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය අනුමත කිරීම වැනි ධනාත්මක පියවර අනුගමනය කර තිබුණත් ඒක පුද්ගල අතුරුදන්වීම් පිළිබඳව විමර්ශන කිරීම් සීමිත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ අවධාරණය කර ඇත.
අතුරුදන් කිරීම්වලට ලක්වූවන් පිළිබඳව සෑම තොරතුරක්ම අනාවරණය වන තෙක් විමර්ශන සිදුකිරීමට රජය බැඳී සිටින බවට වන ජාත්‍යන්තර නීතිය දිගින් දිගටම උල්ලංඝනය වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මතය බව සඳහන් ය.
සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගතවී තිබුණත්, අතුරුදන් කිරීමේ පළමු රැල්ල ආරම්භ වී දශක ගණනාවක් ගතවී තිබුණත්, එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වී ඇති බව වාර්තාවේ දැක්වෙයි.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම අවධාරණය කරන්නේ දශක ගණනාවක් පුරා සිදුවූ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වගවීම සහතික කළ යුතු බවය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 3663දී පැවැත් වීමට කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර විභාගයට අපේක්ෂකයන් 474,147 දෙනකු පෙනී සිටින අතර විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විට තැපෑලට යොමු කර අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනවලටත් යොමු කර ඇති බව කී විභාග කොමසාරිස් ජනරාල්වරයා, එහි යම් සංශෝධනයක් කර ගැනීමට ඇත්නම් online ඔස්සේ මේ 10 වැනිදාට පෙර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිදු කරගත හැකි බව ද කීවේය.
සියලු පාසල් සිසුන්ගේ ප්‍රවේශපත් ඉක්මනින් ඔවුන් වෙත දෙන ලෙස ද විභාග කොමසාරිස්වරයා විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.
විභාගයේ ප්‍රවේශපත් නොලැබුණු පාසල් සිසුවකු වේ නම් විදුහල්පතිවරයා මඟින් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙසත් පෞද්ගලික අයදුම්කරුවකු වේ නම් තැපැල් කාර්යාලයෙන් හෝ විභාග දෙපාර්තමේන්තුවෙන් හෝ විමසන ලෙසත් විභාග කොමසාරිස්වරයා දැනුම් දෙයි.
ඔන්න සජබේ ඇතුලෙ ලොකු අර්බුදයක් ඇතිවෙලා.
ජනාධිපති වික්‍රමසිංහ සජබේ කුට්ටියක් කඩාගන්න යනවා කියන කතාවත් එක්ක , සජිත්ගේ හිතවත්තු ඔය යනවයි කියන හැමොන්ම දිහා බලන්නේ සැකෙන් ලු..
මෙතනදී වැඩිම සැකය යොමුවෙලා තියන්නේ හර්ෂ, කබීර්, තලතා ල වගේ සජබේ ඉන්න කීපදෙනෙක් ගැන. ගම්පහ පැත්තේ දෙතුන් දෙනෙක් ගැනත් ලකීලා, ඇහැගහගෙන ලු ඉන්නවයි කියන්නේ.
මෙතනදී වැඩිම අවධානය යොමුවෙලා තියන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා ගැන.
GL ලා - නාලක ලා සජබෙට එද්දී හර්ෂ ලොකු බාල්දියක් පෙරලුව.. ඒ GL ට නෙමෙයි, තවත් ආරථික විශේෂඥයකු වෙච්ච මහාචාර්ය නාලක ගොඩහේවා ට.. සජිත්ගේ ආණ්ඩුවක මුදල් ඇමතිකම ගොඩහේවා ට දෙන්න යනවා කියන කතාවට හර්ෂ හිටියේ මල පැනල ලු..
ඒ අවුලේදී '' චන්දෙන් පස්සේ බලාගන්නම් කියලා .. සජිත් , ගොඩහේවා ව බැලන්ස් කරගෙන තිබුනා.
ඔන්න දැන් හර්ෂ - සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරත් එක්ක පැටලිලා.
''ලැජ්ජ නැද්ද අයිසෙ.. පුළුවන් එකෙක් ඉන්නවනං නවත්තන්න..'' - මාධ්‍ය හමුවකදී හර්ෂගෙන් ඒ විදියට බර අවි ප්‍රහාරයක් එල්ලවුණේ කාටද කියලා හුඟදෙනෙකුට කුතුහලයක්..
ඒත් සජිත්ට හිතවත් සමහර සමාජ මාධ්‍යවලින් කියලා, තියන විදියට ඒ බර අවි ප්‍රහාරය , ආණ්ඩුවේ කෙනෙකුට නෙමෙයි සජබේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරට
සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා දැඩි ප්‍රතිචාර දක්වා තියනවා කියලයි සමහර මධ්‍ය වාර්තාකර තියන්නේ..
ඒ කියන විදියට හර්ෂ ඔය විදියට පරලවෙලා තියෙන්නේ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වන විමධ්‍යගත අරමුදල් සම්බන්ධයෙන් රංජිත් මද්දුම්බණ්ඩාර, හිරු රූපවාහිනිය කළ ප්‍රකාශයකට.. කොහොම නමුත් තමන් ජනාධිපතිවරයා සමග ඩීල් එකක් දමා ඇති බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාරවලට පිළිතුරු ලබා දීමට පසුගියදා හර්ෂ ද සිල්වා පියවර අරගෙන..
හර්ෂ ඒ ගැන කියන්නේ වෙනම කතාවක්..
තමන් ඉදිරිපත් කළ ව්‍යාපෘතිවලට විමධ්‍යගත අරමුදල් ලැබුණා විනා තමන්ට මුදල් නොලැබුණු බවක් තමයි හර්ෂ කියන්නේ..
එසේම මන්ත්‍රීවරුන් තෝරාගෙන විමධ්‍යගත අරමුදල් ලබා දීම වැරදි ක්‍රියාවක් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා කියනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

