හර්ෂගෙන් බර අවි ප්‍රහාරයක් : සජබ දෙදරයි !

හර්ෂගෙන් බර අවි ප්‍රහාරයක් : සජබ දෙදරයි !

ඔන්න සජබේ ඇතුලෙ ලොකු අර්බුදයක් ඇතිවෙලා.

ජනාධිපති වික්‍රමසිංහ සජබේ කුට්ටියක් කඩාගන්න යනවා කියන කතාවත් එක්ක , සජිත්ගේ හිතවත්තු ඔය යනවයි කියන හැමොන්ම දිහා බලන්නේ සැකෙන් ලු..

මෙතනදී වැඩිම සැකය යොමුවෙලා තියන්නේ හර්ෂ, කබීර්, තලතා ල වගේ සජබේ ඉන්න කීපදෙනෙක් ගැන. ගම්පහ පැත්තේ දෙතුන් දෙනෙක් ගැනත් ලකීලා, ඇහැගහගෙන ලු ඉන්නවයි කියන්නේ.

මෙතනදී වැඩිම අවධානය යොමුවෙලා තියන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා ගැන.

GL ලා - නාලක ලා සජබෙට එද්දී හර්ෂ ලොකු බාල්දියක් පෙරලුව.. ඒ GL ට නෙමෙයි, තවත් ආරථික විශේෂඥයකු  වෙච්ච මහාචාර්ය නාලක ගොඩහේවා ට.. සජිත්ගේ ආණ්ඩුවක මුදල් ඇමතිකම ගොඩහේවා ට දෙන්න යනවා කියන කතාවට හර්ෂ හිටියේ මල පැනල ලු..

ඒ අවුලේදී  '' චන්දෙන් පස්සේ බලාගන්නම් කියලා .. සජිත් , ගොඩහේවා ව බැලන්ස් කරගෙන තිබුනා.

ඔන්න දැන් හර්ෂ - සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරත් එක්ක පැටලිලා.

''ලැජ්ජ නැද්ද අයිසෙ.. පුළුවන් එකෙක් ඉන්නවනං නවත්තන්න..'' - මාධ්‍ය හමුවකදී හර්ෂගෙන් ඒ විදියට බර අවි ප්‍රහාරයක් එල්ලවුණේ කාටද කියලා හුඟදෙනෙකුට  කුතුහලයක්..

ඒත් සජිත්ට හිතවත් සමහර සමාජ මාධ්‍යවලින් කියලා, තියන විදියට ඒ බර අවි ප්‍රහාරය , ආණ්ඩුවේ කෙනෙකුට නෙමෙයි සජබේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරට

සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර  විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා දැඩි ප්‍රතිචාර දක්වා තියනවා කියලයි සමහර මධ්‍ය වාර්තාකර තියන්නේ..

ඒ කියන විදියට හර්ෂ ඔය විදියට පරලවෙලා තියෙන්නේ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වන විමධ්‍යගත අරමුදල් සම්බන්ධයෙන් රංජිත් මද්දුම්බණ්ඩාර, හිරු රූපවාහිනිය කළ ප්‍රකාශයකට.. කොහොම නමුත් තමන් ජනාධිපතිවරයා සමග ඩීල් එකක් දමා ඇති බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාරවලට පිළිතුරු ලබා දීමට පසුගියදා හර්ෂ ද සිල්වා පියවර අරගෙන..

හර්ෂ ඒ ගැන කියන්නේ වෙනම කතාවක්..

තමන් ඉදිරිපත් කළ ව්‍යාපෘතිවලට විමධ්‍යගත අරමුදල් ලැබුණා විනා තමන්ට මුදල් නොලැබුණු බවක් තමයි හර්ෂ කියන්නේ..

එසේම මන්ත්‍රීවරුන් තෝරාගෙන විමධ්‍යගත අරමුදල් ලබා දීම වැරදි ක්‍රියාවක් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා කියනවා.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න